2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

රුපියල වැටුණත් මහ බැංකු පොලියේ වෙනසක් නෑ
06/13/2012 10:33


Sri Lanka policy rate unchanged, growth projected at 7.2-pct for 2012

බැංකු ක්‍රමයට මුදල් ලබාදෙන පොලී අනුපාතය සියයට 9.75 ක් ලෙස මහ බැංකුව ජුනි මාසයේදී නොවෙනස්ව තබා ගැනීමට තීන්දු කර තිබෙන අතර වෙළඳ කටයුතු අඩු වුවත් 2012 ආර්ථික වර්ධනය සියයට 7.2 ක් පමණ වනු ඇතැයි පුරෝකතනය කරයි.

විනිමය අනුපාතය මත ඇතිවූ පීඩනය හමුවේ පසුගිය කාලයේදී මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාත වැඩිකරමින් මෙරට පොලී අනුපාත වැඩිවීමට අවස්ථාව උදාකළ අතර රජය විසින් ඛනිජ තෙල් මිල ගණන්ද වැඩි කළේය.

බැංකුව පවසා තිබෙන්නේ පසුගිය අප්‍රේල් මාසයේදී පුද්ගලික අංශය බැංකු ක්‍රමයෙන් ලබාගත් ණය ප්‍රමාණය රුපියල් බිලියන 18.7 ක් දක්වා අඩුවූ බවයි.

කෙසේවෙතත්, අප්‍රේල් මාසයේදී රජය බැංකු ක්‍රමයෙන් ලබාගෙන තිබෙන ණය ප්‍රමාණය රුපියල් බිලියන 40 කි.

මේ අතර, අප්‍රේල් මාසයේදී ආනයන සියයට 3.3 කින් අඩුවී තිබේ.

බැංකුව පවසා තිබෙන්නේ ගෝලීය ප්‍රවණතා හමුවේ අපනයනද පසුගිය අප්‍රේල් මාසයේදී පහළ යාමක් දකින්නට තිබෙන බවත් මෙසේ වෙළඳ කටයුතුවල අඩුවීමක් තුළින් ඉදිරියේදී දේශීය ආර්ථිකයේ මන්දගාමී වීමක් අපේක්ෂා කරන බවයි.

කෙසේවෙතත්, මේ වසරේ මුල් කාර්තුවේදී ආර්ථික වර්ධනය වඩාත් ඉහළ යාම හමුවේ මේ වසරේ සියයට 7.2 කින් මෙරට ආර්ථිකය වර්ධනය වනු ඇතැයි කරන උපකල්පනය එලෙසම තබා ගන්නා බව මහ බැංකුව වැඩිදුරටත් පවසා ඇත.

ඩොලරයක මිල රුපියල් 109 ක සිට රුපියල් 131 ක් වැනි මට්ටමක් දක්වා ඉහළ ගොස් තිබියදී වුවද අපනයන පහළ යෑම කැපී පෙනෙන දෙයක් වන අතර මැයි මාසයේදී උද්ධමනය සියයට 7.0 ක් දක්වා වැඩිවී ඇත.

ඊයේ දිනයේදී ඩොලරයක මිල නව වාර්තා ගත මිලකට ඉහළ නගිමින් එක්තරා අවස්ථාවක රුපියල් 133.60 ක් විය.