2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

සරසවි ඇදුරන් විශේෂ වෘත්තීය කණ්ඩායමක් කරයි
08/30/2012 13:22


උසස් අධ්‍යාපනයේ මුදල් කප්පාදු කිරීම ඇතුළු තම ගැටලු සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් හඬක් නගද්දී රජය විසින් විශ්ව විද්‍යාල අධ්‍යන කාර්ය මණ්ඩලය විශේෂ වෘත්තීය කණ්ඩායමක් ලෙස ස්ථාපිත කිරීමට සූදානම් වේ.

මෙම යෝජනාව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක එකතුව කර තිබෙන එකකි.

මෙවැනි යෝජනාවක් කිරීමට හේතුව විශ්ව විද්‍යාල ආචාර්ය වෘත්තියේ සුවිශේෂීභාවය බවත් මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යංශය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, විශ්ව විද්‍යාල අධ්‍යන ප්‍රජාව සහ අදාළ අනිකුත් පාර්ශවල නියෝජිතයින්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පිහිටුවීමට පියවර ගන්නා බවත් රජය සඳහන් කරයි.

මෙරට විශ්ව විද්‍යාල වලට අවශ්‍ය ඉහළම පහසුකම් සහිත ආචාර්යවරු බඳවා ගැනීමත්, බඳවා ගනු ලැබූ ආචාර්යවරු විශ්ව විද්‍යාල පද්ධතිය තුළ රඳවා ගැනීමත්, විදේශ ගතව සිටින ප්‍රවීණ හා දක්ෂ ආචාර්යවරු නැවත මෙරටට කැඳවා ගැනීමත් මෙහි අපේක්ෂාව බව රජය වැඩිදුරටත් කියයි.