2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

වාහන ලියාපදිංචිය සියයට 40 කින් අඩුවන ලකුණු
07/03/2012 15:48


Sri Lanka new vehicles ownership may drop 40-pct: industry

බදු වැඩිකිරීම ඇතුළුව ආර්ථිකයේ ඇතිවී තිබෙන ප්‍රවණතා හමුවේ මේ වසරේදී මෙරට වාහන ලියාපදිංචිය සියයට 40 කින් පමණ අඩුවනු ඇතැයි ශ්‍රී ලංකා මෝටර් රථ වෙළෙඳුන්ගේ සංගමයේ සභාපතිවරයා කියයි.

ගිය වසරේදී යතුරු පැදි ඇතුළුව මෙරට අළුත් වාහන 525,421 ක් ලියාපදිංචි වී තිබූ අතර එය 2010 වසරට සාපේක්ෂව සියයට 46 ක වර්ධනයකි.

ශ්‍රී ලංකා මෝටර් රථ වෙළෙඳුන්ගේ සංගමයේ සභාපති තිලක් ගුණසේකර පැවසුවේ පොලී අනුපාතය වැඩිවීම, රුපියල අව ප්‍රමාණය වීම, ආර්ථික වර්ධනය 2011 වඩා අඩුවීම යන කරුණුද බදු වැඩිකිරීමට අමතරව වාහන ලියාපදිංචිය අඩුවීමට හේතුවනු ඇති බවයි.

මේ අනුව, මේ වසරේදී වාහන 360,000 ක් පමණ ලියාපදිංචි වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන අතර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසන්නේ මේ වසරේ මුල් අර්ධයේදී මෝටර් රථ ලියාපදිංචිය සියයට 26 කින් පමණ අඩුවී 21,884 ක්වූ බවයි.

2011 මුල් අර්ධයේදී ලියාපදිංචි වූ මෝටර් රථ ප්‍රමාණය 29,883 කි.