2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

ඉන්දියාවේ SREI මෙරට මෙහෙයුම අරඹයි
09/07/2012 13:03


යටිතල පහසුකම් සේවා සැපයීමේ ඉන්දියාවේ ප්‍රමුඛතම සමාගමක් වන SREI Infrastructure Advisory Group මෙරට අරින්මා හෝල්ඩින්ග්ස් සමාගම සමග එක්ව මෙරට ව්‍යාපාරික කටයුතු අරඹයි.

SREI සමාගම පුද්ගලික-රාජ්‍ය ව්‍යාපාරික කටයුතු සැලසුම් කිරීම, ගනුදෙනු සඳහා උපදෙස් සැපයීම, මූල්‍ය උපදෙස් සැපයීම, ව්‍යාපෘති සංවර්ධනය හා කළමනාකාරීත්වය සඳහා විශේෂඥතාවයක් දක්වයි.

ජාත්‍යන්තර ව්‍යාපාරික හවුල් කරුවන් සමග කටයුතු කිරීමේ අරමුණෙන් අරින්මා සමාගම 2008 දී ආරම්භ කර තිබේ.

SREI සමාගමට වසර 23 ක ඉතිහාසයක් තිබෙන අතර ඉන්දියානු වෙළඳ පොළට කල්බදු ක්‍රමය යටතේ උපකරණ සේවා සැපයීමට BNP Paribas සමාගම සමග ඒකාබද්ධව කටයුතු කරයි.

මේ වනවිට, මෙරට යුද්ධය අවසන් කර තිබෙන නිසා යටිතල පහසුකම් අංශයේ දැඩි ප්‍රගතියක් තිබෙන අතර මෙම සමාගම උපදේශන සේවා සැපයීම, ඉදිකිරීම් හා සෞඛ්‍ය අංශයට, මහා මාර්ග හා දුම්රිය අංශයට, කර්මාන්ත පුර හා සංචාරක අංශයට අවශ්‍ය උපකරණ කුලියට ලබාදීමට වැඩිදුරටත් බලාපොරොත්තු වේ.