|
හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහතා “විමසුම”ට පැවසුවේ මෙම ක්ලේමෝ බෝම්බ ප්‍රහාරය නිසා, අමාත්‍ය ද.මු. දසනායක මහතා තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙන බවයි.
ද.මු. දසනායක මහතාගේ තත්ත්වය බරපතල බවත්, ඔහුව මේ වනවිට හදිසි ප්‍රතිකාර අංශයට ඇතුළත්කර තිබෙන බවත්, රාගම ශික්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මීට අමතරව, තවත් පුද්ගලයින් 10 දෙනෙකු ප්‍රහාරයෙන් තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙන බව, ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
මෙම ප්‍රහාරය එල්ල වී තිබෙන්නේ අද උදෑසන 10.35 ට පමණ බව, හමුදා ප්‍රකාශකවරයා “විමසුම” ට පැවසීය.
රෝහලට ඇතුළත් කළ තවත් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව, වාර්තාවේ.
|