2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,466.67 1.35
 S&P  3,649.35 1.67
   
Turnover Rs.mn 1282.7
Updated at 2013-05-20 04:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.75  127.80
188.96  194.47
159.28  164.60
1.2075   1.2499
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-20 04:05PM


 

NGO සම්පත්, යුද්දෙට නැතිලු
10/01/2008 10:56

රාජ්‍ය නොවන සංවිධානවල සම්පත් භාවිතය පිළිබඳ වාර්තාවක් රජයට

ඔක්,01,(විමසුම)- යුධමය කටයුතු සඳහා භාවිතාකළ නොහැකි පරිදි සිය සම්පත් හසුරුවාගෙන තිබෙන බවට කිලිනොච්චියේ සහන සේවා කටයුතුකළ රාජ්‍ය නොවන සංවිධාන රජයට දැනුම් දෙයි.

ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද සමරසිංහ “විමසුම” ට පැවසුවේ කිලිනොච්චියේ සහන සේවා කටයුතු කළ රාජ්‍ය නොවන සංවිධාන 10 ක් විසින් මේ බව, වාර්තාවක් මගින් ඊයේ රජයට දැනුම් දුන් බවයි.

මේ අනුව, කිලිනොච්චියෙන් එම රාජ්‍ය නොවන සංවිධාන පැමිණීමේදී ඔවුන්ට අදාල බඩුබාහිරාදිය බොහෝමයක් රැගෙන ආ බවත්, ඉතිරියෙන් කොටස් මානුෂීය ආධාර ලබාදීමට දිසාපතිවරුන්ට භාරදුන් බවත්, ගෙන ඒමට නොහැකි සම්පත් යුද්ධයට යොදාගත නොහැකි සේ අක්‍රීය කර පැමිණි බවටත් අදාළ වාර්තාව මගින් එම රාජ්‍ය නොවන සංවිධාන දහය දැනුම්දුන් බව අමාත්‍යවරයා කීය.

ඔහු සඳහන් කළේ මෙම වාර්තාව මේ වනවිට රජය අධ්‍යනය කරමින් සිටින බවයි.

කිලිනොච්චියට හා මුලතිව් දිස්ත්‍රික්ක වලට ඉදිරි දිනවලදී ආහාර ලොරි 60 ක් යැවීමට රජය සැලසුම් කර තිබෙන බවත් එමගින් ආහාර මෙට්ට්‍රික් ටොන් 60 ක් පමණ ගෙන යෑමට බලාපොරොත්තු වන බවත් අමාත්‍ය, මහින්ද සමරසිංහ පැවසීය.

කෙසේවෙතත්, මෙම ආහාර ද්‍රව්‍ය යැවීමේදී ගැටලු ඇතිවිය හැකි බවත් ඊයේ එවැනි ලොරියකින් සී-04 අධිබලැති පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීම එවැන්නක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.