2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,466.67 1.35
 S&P  3,649.35 1.67
   
Turnover Rs.mn 1282.7
Updated at 2013-05-20 04:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.75  127.80
188.96  194.47
159.28  164.60
1.2075   1.2499
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-20 04:05PM


 

කිලිනොච්චි යන ආහාර අස්සෙ පුපුරණ ද්‍රව්‍ය
10/01/2008 09:38

ඔක්,01,(විමසුම)- මුදා‍නොගත් ප්‍රදේශවලට ආහාර ගෙනයාමට සූදානම්කර තිබූ ලොරියකින් ආරක්ෂක අංශ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය සොයාගනී.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, රංජිත් ගුණසේකර “විමසුම” ට පැවසුවේ අදාළ ලොරියේ සූක්ෂම ලෙස සඟවා තිබූ සී-04 අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ දෙකක් ඊයේ සවස ආරක්ෂක අංශ විසින් සොයාගත් බවයි.

මුන්ඩිමුරුක්කු ආරක්ෂක මුරපොළේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවත්, තවත් ලොරියක සඟවා තිබූ බැටරි කෑලි 28,800 ක් අත්අඩංගුවට ගත් බවත් හෙතෙම කීය.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව රංජිත් ගුණසේකර මහතා සඳහන් කළේය.