2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

හෝටල් රැළි අභිමුව සංචාරක රැල්ල මෙන්න
09/12/2012 18:21


Sri Lanka tourist arrivals up 9.7-pct in August

2012 අගොස්තු මාසයේදී මෙරටට පැමිණි සංචාරකයින් ප්‍රමාණය ගිය වසරේ අදාළ කාලයට වඩා සියයට 9.7 කින් වැඩිවී තිබෙන අතර සංචාරකයින් 79,456 දෙනෙකු පැමිණ තිබේ.

රජයේ නිළ දත්ත වලට අනුව බටහිර යුරෝපයෙන් හා නැගෙනහිර ආසියාවෙන් පැමිණි සංචාරකයින් ප්‍රමාණය වැඩිවෙද්දී ඉන්දියාවෙන් පැමිණි සංචාරකයින් ප්‍රමාණය විශාල ලෙස අඩුවී ඇත.

අගොස්තු දක්වා මාස අටක කාලයේදී සංචාරක පැමිණීම සියයට 15.8 කින් වැඩිවී 622,661 ක් වෙද්දී මේ වසර අවසන් වනවිට මිලියනයකට වැඩි සංචාරකයින් ප්‍රමාණයක් ලංකාව බලාපොරොත්තු වේ.

ආර්ථික අවපාතයකට මුහුණ දුන්නද ගෙවුණු අගෝස්තු මාසයේදී බටහිර යුරෝපයෙන් පැමිණි සංචාරකයින් ප්‍රමාණය සියයට 8.7 කින් 32,656 ක් දක්වා වැඩි වෙද්දී නැගෙනහිර යුරෝපයෙන් පැමිණි සංචාරකයින් ප්‍රමාණයද සියයට 58.4 කින් 3,953 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර, මැදපෙරදිගින් පැමිණි සංචාරකයින් ප්‍රමාණය සියයට 3.9 කින් අඩුවී 4,950 ක්වූ බව සඳහන්ය.

නැගෙනහිර ආසියාවෙන් පැමිණි ප්‍රමාණය සියයට 16.9 කින් 11,648 ක් දක්වා වැඩි වෙද්දී දකුණු ආසියාවෙන් පැමිණි ප්‍රමාණය වර්ධනය වී තිබෙන්නේ සියයට 1.3 කින් සුළු වශයෙනි.

මෙරටට වැඩිපුරම සංචාරකයින් පැමිණෙන ඉන්දියාවෙන් පැමිණි ප්‍රමාණය අගෝස්තුවේ සියයට 12.6 කින් අඩුවී 11,242 ක්වී තිබීම කැපී පෙනේ.