|
මුදල් වෙළඳුන් පවසන්නේ ඩොලරයක මිල අද උදෑසන වනවිට රුපියල් 113.15/40 ක මට්ටමක පැවතුණත් මුදල් වෙළඳ පොළේ කිසිදු සක්‍රීය ලංසුවක් ඉදිරිපත් නොවන තත්ත්වයක් තිබෙන බවයි.
පසුගිය කාලයේදී ඩොලරයක මිල රුපියල් 110 ක මට්ටමක සිට රුපියල් 133 ක් දක්වා වැඩිවුණි.
බැංකු පද්ධතියෙන් ගලාගිය ණය ප්‍රමාණය වැඩිවීම නිසා පසුගිය කාලයේදී විනිමය අනුපාතය මත පීඩනයක් ඇතිවූ අතර මහ බැංකුව එවිට රුපියලේ අගය ආරක්ෂා කර ගත්තේ විදේශ සංචිත විකුණා දමමිනි.
කෙසේවෙතත්, මෙය දිගින් දිගටම කළ නොහැකි වීමත් එල්ලවූ පීඩනයත් හමුවේ විනිමය අනුපාතය නිදහසේ තීරණය වීමට අවස්ථාව ලබා දුන්නේය.
ඉන් පසුව, රුපියල විශාල ලෙස අව ප්‍රමාණය වූ අතර එය තාවකාලික තත්ත්වයක් බව මහ බැංකුව අවධාරණය කළේය.
|