|
ගිය වසරේදී ලංකාව නිකුත් කළ ඩොලර් බිලියනයක බැඳුම්කර නිකුතුවේ පොලිය සියයට 6.25 ක්වූ අතර ද්විතියික වෙළඳ පොළේ එහි පොලිය සියයට 5.8/9 ක් වුණි.
වෙළඳ පොළ ආරංචි මාර්ග වලින් අනාවරණය වන්නේ මෙවර බැඳුම්කරය සඳහා විශාල ඉල්ලුමක් ඇතිවී තිබෙන බවයි.
පසුගිය බැඳුම්කරයෙන් අඩකට වැඩි ප්‍රමාණයක් අලෙවි කරනු ලැබුවේ ඇමරිකානු ආයෝජකයින්ටයි.
වර්තමාන බැඳුම්කරය සඳහා ෆිච් රේටිංන්ග්ස් ණය වර්ගීකරණ ආයතනය BB- (exp) වර්ගීකරණයක්ද, ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් විසින් B+ වර්ගීකරණයක්ද, මූඩීස් (P)B1 වර්ගීකරණයක්ද ලබාදී තිබේ.
|