2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,466.67 1.35
 S&P  3,649.35 1.67
   
Turnover Rs.mn 1282.7
Updated at 2013-05-20 04:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.75  127.80
188.96  194.47
159.28  164.60
1.2075   1.2499
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-20 04:05PM


 

තෙල් හා විදුලිය පාඩුව ද.දේ. නිමවුමෙන් 1% ක්
07/30/2012 17:32


Sri Lanka energy SOE losses projected at 1.0-pct of GDP

තෙල් හා විදුලිය මිල වැඩි කිරීමෙන් පසුවත් තෙල් සංස්ථාව හා විදුලි බල මණ්ඩලය මේ වසරේදී දළ දේශීය නිෂ්පාදිතයට සියයට 01 කට සමාන පාඩුවක් වාර්තා කරනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාවක් අනාවරණය කරයි.

කෙසේවෙතත්, මේ වසරේ තෙල් සංස්ථාවේ හා විදුලි බල මණ්ඩලයේ පාඩු ගිය වසරට වඩා අඩු වෙතැයි අපේක්ෂා කරන අතර 2011 දී දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 1.75 කට ආසන්න ප්‍රමාණයක පාඩුවක් මෙම ආයතන දෙක ලැබීය.

දේශපාලන ජනප්‍රියත්වය උදෙසා වෙළඳ පොළ මිලට වඩා අඩුවෙන් ඉන්ධන හා විදුලිය විකිණීම නිසා තෙල් සංස්ථාවේ හා විදුලි බල මණ්ඩලයේ ණය බර වැඩිවී තිබෙන අතර අනිකුත් රජයේ ආයතන වල ණයද එක්වී පසුගිය කාලයේදී රජය බැංකු ක්‍රමයෙන් ලබාගත් ණය ඉහළ ගියේය.

මෙසේ ණය වැඩිවන විට විනිමය අනුපාතය මත පීඩනයක් ඇතිවූ අතර එකළ මහ බැංකුව සංචිත ඩොලර් විකුණමින් රුපියලේ අගය කෘත්‍රිම ඩොලරයට සාපේක්ෂව අමාරුවෙන් ගැට ගසාගෙන සිටියේය. කෙසේවෙතත්, බැරිම තැන මහ බැංකුවට ණය පාලනය කිරීමට පොලී අනුපාත ඉහළ දැමීමට හා විනිමය අනුපාතය නිදහසේ තීරණය වීමට අවස්ථාව දීමට සිදුවිය.

මූල්‍ය අරමුදල විසින් ලංකාවේ ගෙවුම් ශේෂ අර්බුදය විසඳීම වෙනුවෙන් අනුමත කළ ඩොලර් බිලියන 2.5 ක ණය මුදලේ අවසාන විමර්ශන වාර්තාවේ දක්වා තිබෙන්නේ ලෝක වෙළඳ පොළේ ඛනිජ තෙල් මිල අඩුවීම හා පසුගිය කාලයේදී මෙරට ඉන්ධන මිල ඉහළ දැමීම නිසා තෙල් සංස්ථාවේ පාඩු වලින් යම් ප්‍රමාණයක් පියවා ගැනීමට හැකිවී තිබෙන බවයි.

නමුත්, එම සහනයෙන් කොටසක් නියඟය නිසා තාප විදුලිය ජනනය කිරීමට ඉන්ධන වැඩිපුර යෙදීම නිසා අහිමිවී යන බව සඳහන්ය.