2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,250.00 0.18
 S&P  3,530.90 0.12
   
Turnover Rs.mn 1472.3
Updated at 2013-05-10 06:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.54  127.59
191.83  197.43
161.59  166.98
1.2271   1.2705
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-10 06:05PM


 

ඇමරිකානු මැරියට් හෝටලයක් වැලිගම වෙරළට
07/11/2012 13:04


Sri Lanka Marriott hotel with East West to open in 2014

වැලිගම ප්‍රදේශයේ කාමර 200 ක හෝටලයක් ආරම්භ කිරීමට East West Properties Plc සමාගම සමග ගිවිසුමකට එළඹුණු බව සුප්‍රසිද්ධ ඇමරිකානු හෝටල් සමාගමක් වන මැරියට් ඉන්ටර්නැෂනල් පවසා තිබේ.

මෙම හෝටලය 2014 දී විවෘත කිරීමට සැලසුම් කර තිබෙන අතර තට්ටු 11 කින් සමන්විත Weligama Bay Marriott Resort & Spa යන නමින් ඇරඹෙන මෙය මැරියට් වෙළඳ නාමය යටතේ ක්‍රියාත්මක වීමට නියමිතය.

මේ පිළිබඳව අදහස් දක්වමින් East West සමාගමේ සභාපති නහීල් විජේසූරිය පවසන්නේ මැරියට් හෝටල් සමූහයේ තරු පහ පන්තියේ පහසුකම් සහිතව මෙම හෝටලය මාතර-ගාලු පාරේ වැලිගම මුහුදු වෙරළට මායිම්ව ඉදිකරන බවයි.

මේ වනවිටත් මෙහි ඉදිකිරීම් East West Engineering Services (Pvt) Ltd සමාගම ආරම්භ කර තිබේ.