2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

ලිහිසි තෙල් වෙළඳ පොළට ඇතුළුවීමට අයදුම් පත් 14 ක්.
01/25/2007 19:58

ජන,25,(විමසුම)- ශ්‍රී ලංකාවේ ලිහිසි තෙල් වෙළඳ පොළ විවෘත කිරීම සඳහා, ඛණිජ තෙල් අමාත්‍යවරයා ඉදිරිපත් කර ඇති, කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී ඇත.

ඒ.එච්.එම් ෆවුසි අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද මෙම කැබිනට් පත්‍රිකාවෙන් බලාපොරොත්තු වෙන්නේ, ශ්‍රී ලංකාවේ ලිහිසි තෙල් වෙළඳ පොළ සඳහා නවකයින් තෝරා ගැනීමටයි.

මෙහිදී අමාත්‍යංශය විසින් සකස් කරනු ලබන ප්‍රතිපත්ති රාමුවකට යටත්ව ලිහිසි තෙල් වෙළඳ පොළ විවෘත කිරීමට රජය බලාපොරොත්තු වේ.

මෙම ක්‍රියාවලිය සම්බන්ධීකරණය කිරීමට, ඛණිජ තෙල් අමාත්‍යංශයේ ප්‍රධානත්වය සහිතව, ලංකා ඛණිජ ‍ෙතල් සංස්ථාව, මහජන උපයෝගීතා කොමිසම, හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කොමිසම යන ආයතනවල නියෝජනයෙන් කමිටුවක් පත් කිරීමට රජය සූදානම් වේ.

ලිහිසි තෙල් වෙළඳ පොළට ඇතුළුවීමට අයදුම් පත් 14 ක් ලැබී තිබේ.

මෙහිදී තෝරාගෙන ඇත්තේ, තාක්ෂණික හා ගුණාත්මක තත්ත්වයන් මෙන්ම මූල්‍ය සුදුසුකම් සපුරා ඇති සමාගම් 06 ක් බව, රජය සඳහන් කරයි.

එම සමාගම් වන්නේ, භාරත් පෙට්‍රෝලියම් කෝපරේෂන්, ගල්ෆ් ඔයිල් ඉන්ටර්නැෂනල්, ඉන්ඩියන් ඔයිල් කෝපරේෂන්, එම්.ඕ.ඊ.යූ.එල්, එස්.ඒ ෆ්‍රාන්ස්, සයිනොපෙක් කෝපරේෂන්, හා ටෝටල් එස්.ඒ ෆ්‍රාන්ස් යන සමාගම්ය.

මීට අමතරව, ලාෆ් හෝල්ඩිංන්ස් ලිමිටඩ්, ටොයෝටා ටිසුෂෝ කෝපරේෂන්, වැක්ස්පෝල් ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ්, යන දේශීය ආයතන 03 විසින් ලේඛණ ඉදිරිපත් කිරීමේ දී පැවති අඩුපාඩුකම් සම්පූර්ණ කළ පසු, රජය එම සමාගම් සමග ලිහිසි තෙල් වෙළඳාම සම්බන්ධයෙන් ගිවිසුම්වලට එළඹෙනු ඇත.