2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,250.00 0.18
 S&P  3,530.90 0.12
   
Turnover Rs.mn 1472.3
Updated at 2013-05-10 06:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.54  127.59
191.83  197.43
161.59  166.98
1.2271   1.2705
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-10 06:05PM


 

ලංකාව සමත්. ඇමරිකානු GSP සහනය දිගටම
06/30/2012 10:10


Sri Lanka to keep getting US, GSP trade benefits

සේවකයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්න විසඳීම සඳහා රජය පසුගිය වසර පහ තුළ සැලකිය යුතු උත්සාහයක් ගෙන තිබීම හමුවේ ඇමරිකානු ජී.එස්.පී. බදු සහනය ලංකාවට දිගටම හිමිවන බව එරට වෙළඳ නියෝජිත රොන් ක්‍රික් කියයි.

ටයර්, ඇක්ටිවේටඩ් කාබන්, රබර් අත් වැසුම්, ප්ලාස්ටික් උපකරණ හා මුළුතැන්ගෙයි නිෂ්පාදන ඇතුළු මෙරට නිපදවන භාණ්ඩ වර්ග 5000 ක් පමණ ඇමරිකානු ජී.එස්.පී. පහසුකම අනුව තීරු රහිතව එරටට අපනයනය කිරීමට අවස්ථාව හිමිවේ.

වසරකට ලංකාවට හිමිවන මෙම සහනයේ වටිනාකම ඩොලර් මිලියන 135 කට ආසන්නය.

ලංකාවේ කම්කරු අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්න ඇතැයි චෝදනා එල්ලවූ නිසා මෙම වැඩසටහන විමර්ශනයට ලක්වූ අතර කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය පවසා තිබෙන්නේ අදාළ විමර්ශනයෙන් පසුව වැඩසටහන යළිත් ක්‍රියාත්මක කිරීමට ඇමරිකාව තීන්දු කර තිබෙන බවයි.