2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

බලාගාරවල තාක්ෂණික දෝෂ නිසා විදුලිය කැපේ
07/23/2012 07:17


කෙරවළපිටිය වෙස්ට්කෝස් සහ පුත්තලම ලක්විජය බලාගාරය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අඩපණ වී තිබෙන බවත් මේ නිසා අද සිට බලාගාර යථාතත්ත්වයට පත්වන තුරු උදෑසන හා දහවල් තෝරාගත් ප්‍රදේශවල පැය දෙකක විදුලිය කප්පාදුවක් ක්‍රියාත්මක බවත් ලංකා විදුලි බල මණ්ඩලය කියයි.

මෙම තාක්ෂණික දෝෂය නිසා පද්ධතියට අහිමිවන බලධාරිතාව මෙගාවොට් 400 ක් බවත් බලාගාර 02 යථා තත්වයට පත්කර කඩිනමින් පද්ධතියට එක් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙන බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය කියයි.

බලාපොරොත්තුවන මෝසම් වාර්ෂා තත්වයන් අහිමිවීමත් සමග රටේ විදුලිබල අවශ්‍යතාවයෙන් 85 ක ධාරිතාවක් උත්පාදනය කෙරෙන්නේ තාප විදුලිබලාගාර ආශ‍්‍රයෙනි. එහෙදී කෙරවළපිටිය වෙස්ට්කෝස් ද්විත්ව චක‍්‍රිය බලාගාරය මෙගාවොට් 270 ක බලශක්තියක් සහ පුත්තලම ලක්විජය තාප විදුලිබලාගාරය මෙගාවොට් 300 ක ජනන ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට සමත්විය.

වර්ෂාව නොමැතිවීම හේතුවෙන් මේ වනවිට ජලවිදුලි උත්පාදනය සියයට 15 ක අඩු මට්ටමක පවති. මෙවැනි තත්වයක් මත පද්ධතිය පාලනය කිරීම මූලිකව සිදුකෙරුනේ පුත්තලම ලක්විජය බලාගාරයත් කෙරවළපිටිය වෙස්ට්කොස් බලාගාරයත් අශ‍්‍රයෙනි.

පසුගිය ජුලි 02 දා වෙස්ට්කෝස් බලාගාරය සම්පූර්ණයෙන්ම අඩපණ වූයේ හදිසියේ ඇතිවූ තාක්ෂණික දෝෂයක් හේතුවෙනි. එම අවස්ථාවේදී මෙගාවොට් 270 ක ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට අහිමිවුවද නැවතත් මෙගාවොට් 170 වක ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට පසුගිය ජුලි 12 වනදා හැකිවිය.

එහෙත් ඊයේ උදෑසන පුත්තලම ලක්විජය බලාගාරයේ ඇති වු තාක්ෂණික දෝෂයක් හේතුවෙන් හදිසියේ බලාගාරය අඩපණ කිරීමට බලාගාර පාලනාධිකාරීය තිරණය කර තිබේ. ඒ අනුව මේ වනවිට එහි ජනන කටයුතු නවත්වා ඇත. පසුගිය මාස 07 කාලය තුළදී අඛණ්ඩව පැය 24 පුරාම ජාතික විදුලිබල පද්ධතියට බලය සැපයිමට මෙම බලාගාර දෙක උපකාරී විය.

මේ වනවිට, පුත්තලම බලාගාරයේ මෙගාවොට් 300 ක් සහ වෙස්ට්කෝස් බලාගාරයේ මෙගාවොට් 100 යක් ජාතික පද්ධතියට එක් කිරීම තාවකාලිකව නතරවී ඇත. පුත්තලම බලාගාරයේ අභ්‍යන්තරයේ හටගෙන ඇති තාක්ෂණික දෝෂය හදුනාගෙන බලාගාරය යලි පණගැන්විම සඳහා විශේෂ කණ්ඩයම් 03 ක් මේ වනවිටක‍්‍රියාත්මක බව ලංකා විදුලිබල මණ්ඩලය කියයි.

පවතින තත්වය හමුවේ පද්ධති පාලනය සමබරව පවත්වාගෙනයාම අසීරු බව ලංකා විදුලිබල මණ්ඩලය පෙන්වා දෙයි. පද්ධති පාලන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ටී.ඩී. හඳගම මහතා අවධාරණය කර සිටින්නේ පවතින තත්වය හමුවේ පද්ධතිය සමබරව පවත්වාගෙනයාම ඉතා දුෂ්කර කාර්යක් බවයි.

එම තත්වයෙන් මිදී ජාතික පද්ධතිය රැකගැනීමට අඩුම වශයෙන් හෙට දවසේ සිට මෙම බලාගාර දෙක නැවත යථාතත්වයට පත්වන තුරු හෝ නැවත හොඳ වාර්ෂාපතනයක් ලැබී ජලවිදුලි උත්පාදනය සියයට 25-30 තත්ත්වය දක්වා වර්ධනය වනතෙක් හඳුනාගත් ප‍්‍රදේශ කිහිපයකට උදෑසන සහ දහවල් කාලයේ අවම පැය 02 කාලයක් විදුලි කප්පාදු සිදුකිරීමට වනබව ලංකා විදුලිබල මණ්ඩලය පෙන්වා දෙයි.

විදුලි කප්පාදුවට ලක්වන ප‍්‍රදේශ පිළිබඳව අද උදෑසන කාලයේ විශේෂ දැනුවත් කිරීමක් සිදුකරන බව ලංවිම සභාපති මහාචාර්ය විමලධර්ම අභයවික‍්‍රම මහතා සඳහන් කරයි.

විදුලි කප්පාදු හේතුවෙන් විදුලි පාරිභෝගිකයන්ගේ දෛනික කටයුතු වලට සිදුවන බාධා අවමකර ගැනීම පිණිස සියළු මාධ්‍ය භාවිතයෙන් මෙම පූර්ව දැනුවත් කිරීම සිදුකිරීමට පියවර ගන්නා බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා කියා සිටී.