2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

LIOC නැගෙනහිර ආසියාව ඇල්ලීමට සැරසෙයි
09/04/2012 10:40


Sri Lanka IOC looks to expand lubricant export business

ඉන්දියානු තෙල් සමාගමට අනුබද්ධිත ලංකා ඉන්දීය තෙල් සමාගම පවසා තිබෙන්නේ ඩොලර් මිලියන 118.6 ක් වටිනා “සර්වෝ“ වෙළඳ නාමය යටතේ වන ලිහිසි තෙල් අපනයනය කර තිබෙන බවත් මේ වසරේදී සිය විදේශ වෙළඳාම තවත් වැඩිකර ගැනීමට සැලසුම් කර තිබෙන බවයි.

මේ අනුව, ඉන්දුනීසියාව, මැලේසියාව, මියන්මාරය, සිංගප්පූරුව ඇතුළු නැගෙනහිර ආසියාවේ රටවල සිය ලිහිසි තෙල් වෙළඳාම් කටයුතු පුළුල් කිරීමට සමාගම සැලසුම් කර තිබෙන බව සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ Dubodh Dakwale සිය කොටස් කරුවන්ට වාර්ෂික වාර්තාවෙන් දැනුම් දී තිබේ.

ලංකා ඉන්දීය තෙල් සමාගම මේ වනවිට නේපාලය, මුරුසිය හා මාලදිවයින යන රට වලට ලිහිසි තෙල් අපනයනය කරයි.

මෙරට වෙළඳ පොළේ “සර්වෝ“ වෙළඳ නාමයට සියයට 16 ක වෙළඳ පොළ කොටසක් හිමි අතර එය ලංකා ඉන්දීය තෙල් සමාගමේ දෙවැනියට වැඩිම වෙළඳ පොළ කොටස් හිමි වෙළඳ නාමයයි.