2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

අපනයන, ආනයන, වෙළඳ හිඟය හැකිලෙයි
09/12/2012 12:38


Sri Lanka imports, exports, trade gap shrinks

යම් පසුබෑමකට ලක්ව තිබෙන මෙරට අපනයන පසුගිය ජූලි මාසයේදී ගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 17.4 කින් ඩොලර් මිලියන 794.4 ක් දක්වා පහළ ගොස් තිබෙන බව නවතම දත්ත වලින් අනාවරණය වේ.

මේ අනුව, මහ බැංකුව සඳහන් කර තිබෙන්නේ ගෙවුණු ජූලි මාසයේදී ආනයනද 2011 ජූලි මාසයට සාපේක්ෂව සියයට 24.9 කින් ඩොලර් මිලියන 1,329 ක් දක්වා පහළ ගොස් තිබෙන බවත් වෙළඳ හිඟයද සියයට 33.88 කින් ඩොලර් මිලියන 534.6 ක් දක්වා අඩුවී තිබෙන බවයි.

යුරෝපීය ණය අර්බුදයෙන් අපනයන වලට වදී

යුරෝපයේ ඇතිවී තිබෙන ණය අර්බුදය හමුවේ එම රටවල ඉල්ලුම හා අපනයනවල මිල අඩුවීම හමුවේ මේ වසරේ මුල් මාස හත තුළ මෙරට අපනයනවල පසුබෑමක් දකින්නට ලැබෙන අතර පසුගියදා බදු වැඩිකරමින් ආනයන පාලනයට ගත් ප්‍රතිපත්තිමය තීන්දුව නිසා ආනයනද අඩුවී තිබේ.

විදේශ වෙළඳාමේ අඩුවීමක් මගින් ආර්ථික මන්දගාමීත්වයක් පෙන්නුම් කරන අතර පසුගියදා මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර පවසා තිබු‍‍ණේ මේ වසර වෙනුවෙන් ලංකාව ඉලක්ක කර තිබෙන සියයට 7.2 ක ආර්ථික වර්ධන වේගය ළඟාකර ගැනීම දුෂ්කර වනු ඇති බවයි.

ගෙවුණු ජූලියේදී කෘෂි කාර්මික අපනයන සියයට 11.8 කින් පහළ ගොස් එහි වටිනාකම ඩොලර් මිලියන 192.3 ක් වෙද්දී තේ අපනයන සියයට 12.6 කින් ඩොලර් මිලියන 112.8 ක් දක්වා අඩුවීම කැපී පෙනේ.

මේ අතර, ඇඟලුම් අපනයන සියයට 14.4 කින් ඩොලර් මිලියන 328.2 ක් දක්වා අඩුවී තිබෙන අතර රබර් අපනයන ඩොලර් මිලියන 69.1 ක් දක්වා සියයට 14.4 කින් පහළ බැස ඇත.

ප්‍රතිපත්තිමය තීන්දු නිසා ආනයන පාලනය වේ

2012 ජූලි මාසයේදී පාරිභෝගික භාණ්ඩ ආනයනය සියයට 20.9 කින් ඩොලර් මිලියන 237.4 ක් දක්වා පහළ යද්දී අන්තර් භාණ්ඩ ආනයනය සියයට 27.4 කින් ඩොලර් මිලියන 780.8 ක් දක්වා පහළ ගොස් ඇත.

මේ අතර, කැපී පෙනෙන්නේ ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය සියයට 53 කින් ඩොලර් මිලියන 211.1 ක් දක්වා අඩුවී තිබීමයි.

එසේම, ආයෝජන භාණ්ඩ ආනයනයද සියයට 20.6 කින් අඩුවී තිබෙන අතර එහි වටිනාකම ඩොලර් මිලියන 308.4 කි.

මෙවන් වාතාවරණයක් යටතේ පසුගිය ජූලි මාසයේ මෙරට වෙළඳ හිඟය ගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 33.8 කින් ඩොලර් මිලියන 534.6 ක් දක්වා පහළ වැටී තිබේ.