|
මේ අනුව, ශ්‍රී ලංකාව තුළ වාර්ෂිකව වෙබ් අඩවි ලියාපදිංචි කිරීමේ ගාස්තුව රුපියල් 25,000 ක් දක්වාත් වාර්ෂිකව අළුත් කිරීමේ ගාස්තුව රුපියල් 10,000 ක් දක්වාත් අඩු කිරීමට රජය තීරණය කර ඇත.
මේ සඳහා 1973 අංක 05 දරණ ශ්‍රී ලංකා පුවත් පත් මණ්ඩල පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් මෙයට පෙර තීරණය කළ අවස්ථාවේදී එම ලියාපදිංචි කිරීමේ හා අළුත් කිරීමේ ගාස්තුව පිළිවෙලින් රුපියල් 100,000 සහ රුපියල් 25,000 ක් වශයෙන් යෝජනා කර තිබුණි.
දැනටමත් ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලියාපදිංචි කර ඇති සියලුම වෙබ් අඩවි වලටද 2012 ජනවාරි 01 වනදා සිට මෙම ගාස්තු ක්‍රමය බල පැවැත්වේ.
|