2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

ගෙවුම් ශේෂ අර්බුදයෙන් පාඩම් ගත යුතුයි
06/14/2012 15:00


ලංකා වාණිජ මණ්ඩලය අවධාරණය කරයි

ගෙවුම් ශේෂ අර්බුදය නිවැරදි කිරීම සඳහා රජය තවදුරටත් ක්‍රියාකළ යුතු බවත් ඉදිරියේදී එවැනි ගැටලුවක් යළිත් ඇති නොවීමට පාඩම් ඉගෙන ගත යුතු බවත් ලංකා වාණිජ මණ්ඩලය අවධාරණය කරයි.

රජය හා පුද්ගලික අංශයේ ණය ගැනීම පසුගිය කාලයේදී විශාල ලෙස වැඩි වෙද්දී පොලී අනුපාත වැඩි නොකර සිටීම හමුවේ වත්මන් ගෙවුම් ශේෂ අර්බුදයට මග පෑදුණු අතර පසුව බැරිම තැන පසුගිය මාර්තු මාසයේ සිට විනිමය අනුපාතය තීරණය කිරීමට මැදිහත්වීම අවසන් කිරීමටත් ඛනිජ තෙල් මිල ගණන් වැඩි කිරීමටත් රජය ක්‍රියා කළේය.

2011 දී රටේ බාහිර ගිණුම දරුණු ලෙස දුර්වලවීම තුළින් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනයේදී ලබාගත හැකි පාඩම් ඇතැයි ලංකා වාණිජ මණ්ඩලය පවසා ඇත.

එවැනි ප්‍රතිපත්ති මිශ්‍රණයක් යළිත් ක්‍රියාත්මක වුවහොත් යළිත් ගෙවුම් ශේෂ අර්බුදයක් ඇතිවී ඒ තුළින් ව්‍යාපාර හා ජනතාවට ප්‍රශ්න ඇතිවිය හැකි බවට මණ්ඩලය අනතුරු හඟවා තිබේ.

මීට අමතරව, විදේශ ණය වැඩිපුර ගැනීම සම්බන්ධයෙන්ද ලංකා වාණිජ මණ්ඩලය කර තිබෙන්නේ අනතුරු හැඟවීමකි.

ව්‍යාපාර මෙහෙයවීමට හා ආයෝජන වලට හිතකර පරිසරයක් තැනීමට සාර්ව ආර්ථික ස්ථායිතාවය ඉතා වැදගත් බවත් අවසානයේදී ඒ තුළින් ජනතාවගේ ජීවන තත්ත්වය උසස් වන බවත් ලංකා වාණිජ මණ්ඩලය පෙන්වා දී ඇත.