2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,250.00 0.18
 S&P  3,530.90 0.12
   
Turnover Rs.mn 1472.3
Updated at 2013-05-10 06:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.54  127.59
191.83  197.43
161.59  166.98
1.2271   1.2705
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-10 06:05PM


 

මූල්‍ය අරමුදලේ නිළධාරිනියක් බොරු කරලා
04/10/2008 08:20

- ශ්‍රී ලංකා මහ බැංකුව

අප්‍රේල්,10,(විමසුම) – ලංකාවේ උද්ධමනය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සිදුකර තිබෙන මූලික මට්ටමේ පර්යේෂණ පත්‍රිකාවක් නිවැරදි නොවන බවට, ශ්‍රී ලංකා මහ බැංකුව චෝදනා කරයි.

ශ්‍රී ලංකාවේ උද්ධමනය පිළිබඳව මූලික මට්ටමේ මෙම පර්යේෂණ පත්‍රිකාව ප්‍රකාශයට පත්කර තිබෙන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිළධාරිනියක වන නොමිබියුලිලෝ ඩුමෝ නම් තැනැත්තියයි.

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ, අදාළ පර්යේෂණ පත්‍රිකාව ප්‍රකාශයට පත් කිරීමට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය සඳහා යොමුකර තිබුණු බවත්, එහිදී එහි අඩුපාඩුකම් රැසක් තිබුණු බව හසුවූ බවයි.

අදාළ පර්යේෂණ පත්‍රිකාවේ අඩංගු වූ දත්ත, ක්‍රමවේදය, ශිල්ප ක්‍රම, හා එහි ප්‍රතිඵල නිරවද්‍යවීමට තිබෙන හැකියාව, ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරන අර්ථ ශාස්ත්‍රඥයින් විසින් විද්‍යාත්මකව විමසීමෙන් පසුව එහි අඩුපාඩුකම් ති‍බෙන බව, සොයාගත් බව, මහ බැංකුව කියයි.

ඒ අනුව, එම පර්යේෂණ පත්‍රිකාවෙන් නොමග යවන සුළු හා අතාත්වික ප්‍රතිඵල ලබාදී තිබෙන බවට ශ්‍රී ලංකා මහ බැංකුව චෝදනා කරයි.

මෙම අඩුපාඩු මෙම පර්යේෂණ පත්‍රිකාව ප්‍රකාශයට පත්කර තිබෙන ජාත්‍යන්තර මූල්‍ය අරමු‍දලේ නිළධාරිනියක වන නොමිබියුලිලෝ ඩුමෝ හට පෙන්ව‍ා දුන්නද ඇය එය භාර ගැනීමට අකමැත්තක් දැක්වීම හා එය ප්‍රකාශයට පත් කිරීම කණගාටුදායක කරුණක් බව මහ බැංකු සඳහන් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ, ශ්‍රී ලංකාවේ උද්ධමනය පිළිබඳව ප්‍රකාශයට පත්කර තිබෙන මෙම පර්යේෂණ පත්‍රිකාවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අදහස ප්‍රකාශයට පත් නොවන බවයි.

කෙසේවෙතත්, ශ්‍රී ලංකාවේ උද්ධමනය මේ වනවිට දරුණු අන්දමින් වැඩිවෙමින් තිබේ.

නවතම දත්ත වලට අනුව කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ලක්ෂ්‍යමය පදනමට අනුව උද්ධමනය 28% ඉක්මවා ගොස් ඇත.