2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,250.00 0.18
 S&P  3,530.90 0.12
   
Turnover Rs.mn 1472.3
Updated at 2013-05-10 06:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.54  127.59
191.83  197.43
161.59  166.98
1.2271   1.2705
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-10 06:05PM


 

ලංකාව විදේශීය හද වසඟ කළ හැටි කබ්රාල් කියයි
04/06/2012 12:03

Sri Lanka has maintained confidence of bond buyers: CB Governor

ගෙවුම් ශේෂ අර්බුදය විසඳාගැනීම සඳහා ශක්තිමත් හා නිවැරදි ක්‍රියා මාර්ග ගැනීම තුළින් රජයේ සුරැකුම් පත්වල ආයෝජනය කර තිබෙන විදේශීය ආයෝජකයින්ගේ විශ්වාසය පවත්වා ගෙන යාමට ලංකාව සමත්ව ඇතැයි මහ බැංකු අධිපතිවරයා කියයි.

මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතය අප්‍රේල් මාසයේදීත් ඉහළ දමා තිබෙන අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද පොලී ඉහළ යාමක අවශ්‍යතාවය අවධාරණය කර තිබුණි.

විනිමය අනුපාතය නිදහසේ තීරණය වීමට අවස්ථාව ලබාදීමෙන් පසු රුපියල් 110 කට පමණ තිබූ ඩොලරයක මිල රුපියල් 131 ක් දක්වා ඉහළ ගොස් නැවතත් රුපියල් 128 ක පමණ සීමාවකට පහළ ගිය අතර මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා පසුගියදා පැවසුවේ අළුත් අවුරුදු සමය අවසන් වූ විට ඩොලරයක මිල රුපියල් 125 කට වඩා පහළ යනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.

පසුගිය කාලයේදී රාජ්‍ය ආයතනවල ණය බර වැඩිවීම හා බැංකු ක්‍රමයෙන් ගලාගිය ණය වැඩිවීම නිසා විනිමය අනුපාතය මත පීඩනයක් ඇතිවූ අතර මහ බැංකුව විසින් පොලී අනුපාත ඉහළ දමා තිබෙන්නේ ණය ගලායාම අඩුකිරීම සඳහායි.

ණය ගලායාම අඩුවීමක් තුළින් විනිමය අනුපාතය මත ඇතිවන පීඩනය අඩුවේ.

මීට අමතරව, මහ බැංකු විසින් පසුගියදා වාණිජ බැංකු විසින් ණය ලබාදිය යුතු සීමාවක්ද ප්‍රකාශයට පත් කළේය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව හා විදුලි බල මණ්ඩලය ලබන පාඩු අඩුකර ගැනීම සඳහා පසුගිය කාලයේදී විදුලිය ගාස්තු හා ඉන්ධන මිල වැඩිකිරීමටද කටයුතු කළේය.

පසුගිය කාලයේදී කළ ප්‍රතිපත්තිමය වෙනස්කම් නිසා මෙරටට විදේශ විනිමය ගලාඑන බව මහ බැංකු අධිපතිවරයා කොළඹදී පැවති LBR-LBO ප්‍රධාන විධායක සමුළුවේදී මෙරට සමාගම්වල ප්‍රධාන විධායක නිළධාරීන් අමතමින් මෙසේ වැඩිදුරටත් සඳහන් කළේය.

“ප්‍රතිපත්තිමය වෙනස්කම් සිදුකළාට පසුව භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කරවල ඩොලර් මිලියන 400 ක් පමණ විදේශිකයින් ආයෝජනය කර තිබෙනවා.“

මෙවැනි ආයෝජනයක් විදේශිකයින් කර තිබෙන්නේ ලංකාව කෙරෙහි ඇති විශ්වාසය නිසා බව හෙතෙම කීය.

ලබන මැයි මාසය අවසන් වනවිට රජයේ ඛනිජ තෙල් මිලදී ගැනීම් සඳහා ඩොලර් ලබාදෙමින් විනිමය වෙළඳ පොළට කරන මැදිහත්වීම අවසන් කර සම්පූර්ණයෙන්ම රුපියලේ අගය නිදහසේ තීරණය වීමට අවස්ථාව ලබාදීම මහ බැංකුවේ අපේක්ෂාවයි.