2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,250.00 0.18
 S&P  3,530.90 0.12
   
Turnover Rs.mn 1472.3
Updated at 2013-05-10 06:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.54  127.59
191.83  197.43
161.59  166.98
1.2271   1.2705
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-10 06:05PM


 

NRFC ගිණුම් නිදහස් යැයි මහ බැංකුව කියයි
08/09/2012 17:19


මෑත කාලයේ විනිමය රෙගුලාසි සැලකිය යුතු ලෙස නිදහස් කර තිබෙන නිසා අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් (NRFC) ගිණුම්වල පවත්නා අරමුදල් නිදහසේ පැවරීමේ හැකියාව සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් තවදුරටත් පැන නොනගිනු ඇතැයි මහ බැංකුව කියයි.

එතෙර ආයෝජනද ඇතුළුව විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් අතර අරමුදල් හුවමාරු කිරීම සඳහා පහසුකම් සැලසීම පිණිස මෑත කාල වකවානුව තුළ විනිමය පාලන රෙගුලාසි සැලකිය යුතු ලෙස ලිහිල් කර තිබෙන බව බැංකුව පෙන්වා දේ.

මෙම අරමුණ වෙනුවෙන් අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් (NRFC) ගිණුම් හිමියන් විසින් ඕනෑම ප්‍රතිමුඛ ප්‍රේෂණයක් නිදහසේ සිදුකළ හැකිබව මනාව පැහැදිලි කිරීම සඳහා 2012.07.11 දිනැති විධානය සංශෝධනය කරමින් බලයලත් වෙළෙඳුන් වෙත අවශ්‍ය විධානයන් මහ බැංකුව විසින් දැනටමත් නිකුත් කර තිබේ.