|
මෙම අවාසනාවන්ත අනතුර ඔහුට ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමුගැනීමට පාර කපා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වෛද්‍ය උපදෙස් මත බවුචර් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමුගැනීමට තීරණය කළබව දකුණු අප්‍රිකානු කණ්ඩායමේ කළමනාකරු පවසා තිබේ.
එංගලන්ත සංචාරය අතර තුරදී පුහුණු තරගයක කඩුළු රකිමින් සිටියදී කෙලින්ම කඩුල්ලේ වැදුණු පන්දුවක් නිසා ඉපිලී ගිය බෙල්සයක් බවුචර්ගේ වම් අසේ වැදීමෙන් මෙම අවාසනාවන්ත අනතුර සිදුවී තිබෙන අතර ඇසින් ලේ ගැලූ බවත් එම ඇසට ශල්‍යකර්මයක් කිරීමට සිදුව ඇති බවත් සඳහන්ය.
35 හැවිරිදි බවුචර් ටෙස්ට් තරග 147 කට ක්‍රීඩා කර තිබෙන අතර දකුණු අප්‍රිකාවේ හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස කිහිප වරක්ම සම්මානයට පාත්‍රවූ ක්‍රීඩා තරුවකි.
|