|
මෙම කර්මාන්ත ශාලාව යුනිලීවර් හොරණ කර්මාන්ත ශලාව අසලින්ම ගොඩ නගමින් තිබෙන බවත් පොලිමර් ඇසුරුම් නිෂ්පාදනය කිරීම මෙහි ඉලක්කය බවත් සමාගමේ සභාපති අස්ලම් ඕමාර් සඳහන් කර තිබේ.
මෙම කර්මාන්ත ශාලාව ඉදිකිරීමට සැලසුම් කර තිබෙන්නේ අක්කර 07 ක භූමි භාගයක වන අතර මේ වසර අවසාන වනවිට විවෘත කිරීමට සැලසුම් කර ඇත.
මේ වනවිටත්, Phoenix සමාගම යුනිලීවර් Pears, Ponds, Vaseline, Lux, Knorr, Domex, Signal, Astra සහ Flora යන වෙළඳ නාම වලට ඇසුරුම් ලබාදෙයි.
|