2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

ජපානය ඩො.මි. 125 ක සුරැකුම්පත් ගැනීමට යයි
06/27/2012 14:54


Sri Lanka Treasuries eyed by Japanese buyer: foreign ministry

ටෝකියෝ නුවර පදනම් කරගත් Bansai Securities ආයෝජන සමාගම ඩොලර් මිලියන 125 ක් වටිනා මෙරට රුපියල් සුරැකුම්පත් මිලදී ගැනීමට සූදානම් බව විදේශ අමාත්‍යංශය කියයි.

මේ යටතේ පළමු කොටස වන ඩොලර් මිලියන 1.5 ක් වටිනා සුරැකුම් පත් තොගය 2012 ජූලි 15 වනදාට පෙර මිලදී ගැනීමට නියමිත බව අමාත්‍යංශය සඳහන් කරයි.

මෙම ගනුදෙනුවේ ප්‍රධාන කළමනාකරු ලෙස The New World Securities [Pvt] Limited යන ජපාන සමාගම කටයුතු කරන අතර Pan Asia Banking Coporation Plc පහසුකම් සපයන්නා ලෙස කටයුතු කරයි.

මෙම ආයෝජනය ලබාගැනීම සඳහා ටෝකියෝ නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සක්‍රීය දායකත්වයක් ලබාදුන් බව විදේශ අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.

මෙම ගනුදෙනුව මගින් මෙරට භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම්කර ජපාන ආයෝජකයින් අතර ජනප්‍රිය කරවීමට අදහස් කරන අතර මේ වනවිට මෙරට භාණ්ඩාගාර බිල්පත් පොලිය සියයට 11(මාස තුන)- සියයට 12.78(අවුරුද්ද) අතර අගයක පවතී.

වසර දෙකේ බැඳුම්කර පොලිය සියයට 13.00 ක්ද වසර 15 බැඳුම්කර පොලිය සියයට 14.5 ක්ද වෙයි.