2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

හෝටල් රැළි එද්දී සංචාරක රැල්ල මෙන්න
07/16/2012 08:34


Sri Lanka tourist arrivals up 21-pct in June

මෙරට හෝටල් ඉදිවන්නේ හතු පිපෙන්නාක් මෙන්ය. එවන් පසුබිමක් තුළ මෙරටට පැමිණි සංචාරකයින් පිළිබඳව නවතම තතු හෙළිවේ.

රජයේ නිළ දත්ත වලට අනුව පසුගිය ජුනි මාසයේදී ලංකාවට පැමිණි සංචාරකයින් ප්‍රමාණය ගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 21.6 කින් වර්ධනය වී 65,245 ක්වී තිබෙන අතර මේ වසරේ ජුනි දක්වා පැමිණි සංචාරකයින් ප්‍රමාණය සියයට 18.7 ක වර්ධනයක් පෙන්නුම් කර ඇත.

මේ අනුව, 2012 මුල් මාස හයේදී පැමිණි සංචාරකයින් ප්‍රමාණය 452,867 කි.

ගෙවුණු ජුනි මාසයේදී දකුණු ආසියාවෙන් පැමිණි සංචාරකයින් ප්‍රමාණය සියයට 8.5 කින් වර්ධනය වී 19,993 ක්වී තිබෙන අතර මින් වැඩිම ප්‍රමාණයක් පැමිණ තිබෙන්නේ ඉන්දියාවෙනුයි. ඉන්දියාවෙන් පැමිණි සංචාරකයින් ප්‍රමාණය ගිය වසරේ ජුනි වලට සාපේක්ෂව සියයට 6.4 ක වර්ධනයක් පෙන්නුම් කර තිබෙන අතර පැමිණ තිබෙන ප්‍රමාණය 13,758 කි.

මාලදිවයිනෙන් පැමිණි ප්‍රමාණය සියයට 14.5 කින් වර්ධනය වී 4,214 ක්වී ඇත.

මේ අතර, බටහිර යුරෝපයෙන් පැමිණි ප්‍රමාණය සියයට 22.9 කින් වර්ධනය වී 17,314 ක් වෙද්දී 6,076 ක්වූ වැඩිම ප්‍රමාණය පැමිණ තිබෙන්නේ එංගලන්තයෙනි.

නැගෙනහිර යුරෝපයෙන් පැමිණි ප්‍රමාණය සියයට 104 කින් වර්ධනය වී තිබෙන අතර පැමිණි ප්‍රමාණය 2,594 ක් බව රජයේ දත්ත අනාවරණය කරයි.

මේ අතර, මැද පෙරදිගින් ජුනි මාසයේදී 5,915 ක් පැමිණ තිබෙන අතර සියයට 31.8 ක වර්ධනයක් පෙන්නුම් කර තිබෙද්දී නැගෙනහිර ආසියානු රට වලින් පැමිණි ප්‍රමාණය සියයට 28.4 කින් වර්ධනය වී 8,774 ක්වී ඇත.

මෙහිදී, මැලේසියානු සංචාරකයින් 1,715 ක්ද, ජපානයෙන් 1,411 ක්ද, සිංගප්පූරුවෙන් 6,643 ක්ද, චීනයෙන් 1,227 ක්ද පැමිණ තිබේ.