2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,250.00 0.18
 S&P  3,530.90 0.12
   
Turnover Rs.mn 1472.3
Updated at 2013-05-10 06:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.54  127.59
191.83  197.43
161.59  166.98
1.2271   1.2705
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-10 06:05PM


 

එජාප මන්ත්‍රීහු දෙදෙනෙක්‌ ස්‌වාධීන වෙති
08/08/2012 07:15

පියසේන දිසානායක

ආණ්‌ඩුවේ සැලසුමකට අනුව එක්‌සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඉදිරියේදී පාර්ලිමේන්තුව තුළ ස්‌වාධීන මන්ත්‍රීවරුන් ලෙස අසුන් ගැනීමට නියමිත බව එ. ජා. ප. ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉදිරි දින කිහිපය තුළ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක්‌ කිරීමෙන් අනතුරුව ඔවුන් ස්‌වාධීනවීමට නියමිතව ඇත.

මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා මීට ඉහතදී ආණ්‌ඩුවට එක්‌වීමට සැලසුම් කර තිබිණි.

ආණ්‌ඩුවට එක්‌වෙනවාට වඩා ඔවුන් ස්‌වාධීන මන්ත්‍රීවරුන් ලෙස තැබීමෙන් ආණ්‌ඩුවට වැඩි වාසියක්‌ අත්කරගත හැකි අතර එලෙස ස්‌වාධීන වීම වෙනුවෙන් ඔවුනට විශාල වශයෙන් මුදල් හා වෙනත් ප්‍රතිලාභ රැසක්‌ ලබාදී ඇති බව ද එ. ජා. ප. ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධව එක්‌සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්‌ කියා සිටියේ පාර්ලිමේන්තුව තුළ යම් මන්ත්‍රීවරයකු ස්‌වාධීනව කටයුතු කිරීමට තීරණය කළත් පක්‍ෂ ව්‍යවස්‌ථාවට අනුව ඔහුට එරෙහිව දැඩි පියවර ගත හැකි බවයි.

දිවයින පුවත් පත අනුග්‍රහයෙනි