|
මීට පෙර ද එසේ වෛද්‍ය පුහුණුව සඳහා විදේශීය වෛද්‍ය උපාධිධාරීන්ගේ අයදුම්පත් කැඳවා තිබුන ද එහි ඇතැම් අයදුම්පත් නිවැරදි නොවන බවට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ප්‍රකාශ කොට තිබීම නිසයි මෙම නව අයදුම්පත් කැඳවීම සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ.
කෙසේ වෙතත් මෙම බඳවා ගැනීම් වල දී දැනට වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින උතුරු හා නැගෙනහිර ප්‍රදේශ සඳහා වැඩි අවධානයක් යොමු කරන බවයි අමාත්‍යාංශය පවසන්නේ.
මෙම බඳවා ගැනීම් සඳහා කිසිදු දේශපාලන හෝ තෙවන පාර්ශවයක මැදිහත්වීමක් සිදු කිරීම නුසුදුසුකමක් ලෙසයි සැලකෙන්නේ.
|