|
මහා මාර්ග අමාත්‍යංශයේ ලේකම් සිරිසේන අමරසේකර මහතා “විමසුම” ට සඳහන් කළේ, මෙම ප්‍රංශ සමාගම මුදල් යොදා, කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය ඉදිරිකිරීමට, කැමැත්තෙන් සිටින බවයි.
කෙසේ වෙතත් මේ පිළිබඳව රජය අධ්‍යනය කරමින් සිටින බව, ලේකම්වරයා පවසයි.
මීටපෙර, කටුනායක අධිවේගී මාර්ගය ගොඩ නැගීමට මුදල් ලබාදීමට චීනය කැමැත්ත පළකර තිබුණත්, පසුව එය නැවතුණි.
කටුනායක අධිවේගී මාර්ගය දිගින් කිලෝ මීටර් 28 ක් වන ලෙස සැළසුම් කර ඇති අතර, මින් විශේෂයෙන්ම ගුවන්තොටුපොළේ සිට පැමිණෙන මගීන්ට අඩු කාලයකින් කොළඹ නගරයට පැමිණිය හැකිවන බව, රජය පවසයි
මේ අතර, 2009 දී වැඩ අවසන් කිරීමට සැළසුම් කර තිබෙන දකුණු අධිවේගී මාර්ගයේ වැඩ අවසන් කිරීමට, ඊට වඩා වැඩි කාලයක් ගතවෙන්නට පුළුවන් බවත්, සිරිසේන අමරසේකරමහතා සඳහන් කරයි.
ගල් පිපිරවීම් සිදුකරන විට, ඉන් පීඩනයට පත්වන ජනතාව මේ වනවිට අධිකරණ ක්‍රියාමාර්ග වලට යොමුවීම මෙයට හේතුවක් බව, අමරසේකර මහතා පවසයි.
කොට්ටාවේ මාකුඹුරේ සිට මාතර ගොඩගම දක්වා දිවෙන දකුණු අධිවේගී මාර්ගය ශ්‍රී ලංකාවේ නිමවෙතැයි අපේක්ෂා කරන පළමු අධිවේගී මාර්ගය වේ.
පිවිසුම් මාර්ග 11 කින් යුත්, මෙම මාර්ගය දිවෙන ප්‍රදේශවල වෙසෙන ජනතාවගේ ජීවන තත්ත්වය, මෙම මාර්ගය නිසා ඉහළ යනු ඇති බවට, ආර්ථික විද්‍යාඥයින් පුරෝකතනය කර තිබේ.
|