|
පසුගිය අය-වැය ලේඛනයෙන් රජය ලබා දුන් ඉන්ධන මිල පහළ දැමීමට සමගාමීව 6% - 17% දක්වා ප්‍රමාණයකින් දුම්රිය ගාස්තු මෙසේ පහළ දමා ඇති අතර, නව සංශෝධනයට අනුව දුම්රිය ගාස්තු රුපියල් 5 සිට 40 දක්වා ප‍්‍රමාණකින් අඩු කෙරේ.
කෙසේ වෙතත් රුපියල් 10, 15, 20 ගාස්තු නව සංශෝධනයට අනුව අඩු වීමක් සිදු නොවේ.
කිලෝ මීටර් 0 සිට 10
කිලෝ මීටර් 11 සිට 50
කිලෝ මීටර් 51 සිට 100
කිලෝ මීටර් 101 සිට 200
කිලෝ මීටර් 200 ට වැඩි
වශයෙන් කලාප 5 ක් යටතේ මෙම නව ගාස්තු සංශෝධනය සකස් කර තිබේ.
මේ අනුව ගම්පහ, මීරිගම, පොල්ගහවෙල, පානදුර, කළුතර දකුණ, මීගමුව, හෝමාගම දුම්රිය ස්ථානවල සිට කොළඹ කොටුව දක්වා රුපියල් 5 කින්ද,
නුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල හා පුත්තලම සිට කොළඹ කොටුව දක්වා රුපියල් 10 කින්ද,
අනුරාධපුර සිට කොළඹ කොටුව දක්වා රුපියල් 15 කින්ද බණ්ඩාරවෙල, බදුල්ල, වවුනියාව සිට කොළඹ කොටුව දක්වා රුපියල් 25 කින් ද,
ති‍්‍රකුණාමලය සිට කොළඹ කොටුව දක්වා රුපියල් 30 කින්ද,
මඩකළපුව සිට කොළඹ දක්වා රුපියල් 40 කින්ද ගාස්තු අඩු කෙරේ.
රජයේ වාර ප‍්‍රවේශ පත‍්‍ර නව ගාස්තු
ගම්පහ - කොළඹ රුපියල් 230 යි
මීරිගම - කොළඹ රුපියල් 450
පොල්ගහවෙල - කොළඹ රුපියල් 630
නුවර - කොළඹ රුපියල් 950
මාතලේ - කොළඹ රුපියල් 1130
මීගමුව - කොළඹ රුපියල් 360
පුත්තලම - කොළඹ රුපියල් 1040 යි
කුරුණෑගල - කොළඹ රුපියල් 770 යි
පානදුර - කොළඹ රුපියල් 230 යි
කළුතර දකුණ - කොළඹ රුපියල් 360 යි
ගාල්ල - කොළඹ රුපියල් 900 යි
මාතර - කොළඹ රුපියල් 1170
හෝමාගම - කොළඹ රුපියල් 230 යි
තුන්වැනි පන්තියේ නව පෞද්ගලික වාර ප‍්‍රවේශ පත‍්‍ර ගාස්තු මෙසේය.
ගම්පහ - කොළඹ රුපියල් 600 යි
මීරිගම - කොළඹ රුපියල් 1200 යි
පොල්ගහවෙල - කොළඹ රුපියල් 1680යි
නුවර - කොළඹ රුපියල් 2520 යි
මාතලේ - කොළඹ රුපියල් 3000 යි
මීගමුව - කොළඹ රුපියල් 960 යි
පුත්තලම - කොළඹ රුපියල් 2760 යි
කුරුණෑගල - කොළඹ රුපියල් 2040 යි
පානදුර - කොළඹ රුපියල් 600 යි
කළුතර දකුණ - කොළඹ 960 යි
ගාල්ල - කොළඹ රුපියල් 2400
මාතර - කොළඹ රුපියල් 3120 යි
හෝමාගම - කොළඹ රුපියල් 600 යි
|