2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,466.67 1.35
 S&P  3,649.35 1.67
   
Turnover Rs.mn 1282.7
Updated at 2013-05-20 04:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.75  127.80
188.96  194.47
159.28  164.60
1.2075   1.2499
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-20 04:05PM


 

පුරා වස්තුවල අඩංගු මූලද්‍රව්‍ය සෙවීමට පියවර
07/17/2012 12:18


ලෝකයේ රටවල් කිහිපයකට සීමිත විද්‍යාගාර පහසුකම් ළඟදීම ශ්‍රී ලංකාවටත්

ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක වටිනාකමෙන් යුත් භාණ්ඩවල අඩංගු මූලද්‍රව්‍ය පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා පරමාණු ශක්ති අධිකාරිය පියවර ගෙන තිබේ.

මේ අනුව, ඒවායේ අන්තර්ගත මූලද්‍රව්‍ය පිළිබඳ තොරතුරු සොයාගත හැකි තාක්ෂණික ක්‍රමවේදයක්, අදාල එක් එක් ආයතන සහ අංශ වෙත හඳුන්වාදීමට පරමාණු ශක්ති අධිකාරිය සැලසුම් කර තිබෙන අතර ඒ සම්බන්ධ සම්මන්ත්‍රණයක් ඊයේ (16) පරමාණු ශක්ති අධිකාරියේදී පැවැත්විණ.

පුරාවිද්‍යාඥයන්, කෞතුකාගාර කාර්ය මණ්ඩල සාමාජිකයන්, පෞරාණික භාණ්ඩ සංරක්ෂණය කරන්නන්, පර්යේෂකයන් හා පෞරාණික වස්තු සහිත ආයතන වල කළමනාකරුවන් ඇතුළු 50 දෙනෙක් මෙම සම්මන්ත්‍රණය සඳහා සහභාගී විය.

මෙහිදී, අදහස් දැක්වූ එම අධිකාරියේ සභාපති මහාචාර්ය රංජිත් විජේවර්ධන ප්‍රකාශ කළේ, පුරාවිද්‍යාත්මක වස්තු වල අඩංගු මූලද්‍රව්‍ය පිළිබඳ තොරතුරු සෙවීම සඳහා මේ වනවිට තම ආයතනය සූදානම් බව සහ ඒ සඳහා පෝලන්තයේ සහාය මෙන්ම මේ වනවිට ලෝකයේ විද්‍යාගාර හැට හැත්තෑවක පමණක් භාවිතවන තාක්ෂණ ක්‍රමවේද හා උපකරණ නුදුරේදීම තම ආයතනයටද ලබාගන්නා බවයි.

මේ වනවිට, නිර්විනාශක පරීක්ෂණ මධ්‍යස්ථානයක් තම ආයතනය යටතේ ඉදිවන බව පැවසූ සභාපතිවරයා සඳහන් කර සිටියේ, ඉදිරියේදී බහුකාර්ය ගැමා ප්‍රතිවිකිරණ යන්ත්‍රාගාරය හා සමස්ථානික ජල විද්‍යාගාරය ඉදිකිරීමට කටයුතු සූදානම් බවයි.

මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධානතම සම්පත් දායකයා වූයේ පෝලන්තයේ ක්‍රැකොව් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඩැරියස් වෙග්නෙක් මහතායි. පුරාවිද්‍යාත්මක ද්‍රව්‍ය අධික්ෂණය සඳහා වන ලොව ඉහළම තාක්ෂණික ක්‍රමවේදය සහ විද්‍යාගාරයෙන් පිටතදී භාවිත කළ හැකි උපකරණ, තමන් විසින් ඉදිරියේදී ශ්‍රී ලංකා පරමාණු ශක්ති අධිකාරියට හඳුන්වාදෙන බව මහාචාර්ය වෙග්නෙක් මෙහිදී අවධාරණය කළේය.

පුරාවිද්‍යාත්මක වස්තු ස්පර්ශ නොකොට, ඒවාට හානි සිදුනොකොට, වටිනාකමින් වැඩි පෞරාණික වස්තු වල අඩංගු මූලද්‍රව්‍ය හඳුනාගැනීමට එම තාක්ෂණික ක්‍රමවේද මඟින් හැකියාව ලැබේ. මෙම පරීක්ෂණයේ වැදගත්කම වන්නේ, මේ සඳහා භාවිතයට ගැනෙන පුරාවිද්‍යාත්මක වස්තු වලට කිසිදු හානියක් සිදුනොවීමයි.

මේ අනුව නුදුරේදීම අපේ රටේ පෞරාණික වස්තු වල මූලද්‍රව්‍ය සහ සංඝටක අධ්‍යයනය සඳහා දේශීය විද්‍යාගාර පහසුකම් නිර්මාණය වන බව පරමාණු ශක්ති අධිකාරිය අවධාරණය කරයි.