|
මෙයට අමතරව බලය බෙදා හැරීමේදී අනුගමනය කළ යුතු කරුණු ද රජයට ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.
මේ කොන්දේසි සන්ධානයේ නියෝජිතයන්ට ඉදිරිපත් කර ඇතැයිද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග සාකච්ඡා කිරීමෙන් පසුව අවසන් එකඟතාවකට පැමිණීමට නියමිත බවද වාර්තා වෙයි.
මෙම කොන්දේසි පිළිබඳව පක්‍ෂයේ නැගෙනහිර පළාත් නියෝජිතයන් දැනුවත් කර ඇති අතර ඊයේ රාත්‍රි පක්‍ෂයේ උත්තරීතර මණ්‌ඩලයට ඉදිරිපත් කිරීමටද නියමිතව තිබිණි.
මේ අතර දෙමළ ජාතික සන්ධානයට සහාය ලබාදී මහ ඇමැති ධුරය ලබා ගත යුතු බවට පක්‍ෂයේම තවත් පිරිසක් යෝජනා කර ඇතැයි වාර්තා වේ.
දිවයින පුවත් පත අනුග්‍රහයෙනි
|