ශ්‍රී ලංකාවේ විද්‍යාඥයින් විසින් නව වර්ගයක මිරිදිය මත්ස්‍යයෙකු හඳුනාගෙන තිබෙන අතර කීර්තිමත් පරිසරවේදියෙකු වන Richard Dawkins ගේ නමින් මෙම මත්ස්‍යයා නම්කර තිබේ.
සමීක්ෂකයෙකු වන රොහාන් පෙතියගොඩ ප්‍රංශ පුවත් සේවයට පවසා තිබෙන්නේ මෙම මත්ස්‍යයා Dawkinsia යන නමින් නම්කර තිබෙන බවත් එහි වර්ග 09 ක් ජීවත් වන බවයි.
මෙම වර්ග නමයම හමුවී තිබෙන්නේ දකුණු ආසියානු කළාපයෙන් බව සඳහන්ය.
ඡායාරූපයේ දැක්වෙන්නේ මෙම මත්ස්‍යය වර්ගයයි.