|
ස්ථාවර, කාර්යක්ෂම මෙන්ම විනිවිද භාවයකින් යුක්ත ප්‍රාග්ධන වෙළඳ පොළ යටිතල පහසුකමක් මොන්ගෝලියාව තුළ ස්ථාපිත කිරීම සමෘද්ධිය කරා යෑමේදී වැදගත් වනබව මෙම මෘදුකාංගය පිළිබඳව අදහස් දක්වමින් ලන්ඩන් කොටස් වෙළඳ පොළේ ප්‍රධාන විධායක Xavier Rolet පවසා තිබේ.
මෙම මෘදුකාංගය ජූලි 02 වනදා මොන්ගෝලියානු කොටස් වෙළඳ පොළේ ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබෙන අතර මෙය ලෝකයේ තිබෙන වේගවත්ම කොටස් ගනුදෙනු කිරීමේ මෘදුකාංගය බව සඳහන්ය.
මෙම මෘදුකාංගය නිර්මාණය කර තිබෙන්නේ ලංකාව පදනම් කරගත් MillenniumIT සමාගම වන අතර එය මේ වනවිට ලන්ඩන් කොටස් වෙළඳ පොළ සතු සමාගමකි.
පසුගිය කාලයේදී මෙම මෘදුකාංගය ඉතාලියේ Borsa Italiana හා දකුණු අප්‍රිකාවේ Johannesburg කොටස් වෙළඳ පොළවල් සඳහා යොදා ගැණුනි.
|