2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

යුරෝපීය හිඩැස ඇමරිකාවෙන් - බ්‍රැන්ඩිස්
09/05/2012 10:57


Sri Lanka apparel exports buoyed by US demand

ණය අර්බුදයකට ලක්වූ යුරෝපයෙන් මෙරට ඇඟලුම් වලට තිබෙන ඉල්ලුම අඩුවීමේ පාඩුව ඇමරිකානු ඉල්ලුම මගින් පියවා ගැනීමේ හැකියාවක් තිබෙන බව මෙරට ප්‍රමුඛතම ඇඟලුම් අපනයන සමාගමක් වන බ්‍රැන්ඩික්ස් කියයි.

මේ වසරේ මුල් මාස හය තුළදී මෙරට ඇඟලුම් අපනයනය සියයට 1.6 කින් පහළ ගොස් එහි වටිනාකම රුපියල් බිලියන 1.98 ක්වූ අතර ජූනි මාසයේ අපනයනය සියයට 6.3 කින් ඩොලර් මිලියන 310.6 ක් දක්වා අඩුවී තිබුණි.

කෙසේවෙතත්, බ්‍රැන්ඩික්ස් සමූහයේ අධ්‍යක්ෂ ඒ.ජේ. ජෝන්පිල්ලේ අප සමග පැවසුවේ ඇමරිකානු ඉල්ලුම හමුවේ සිය සමාගමේ ආදායම් ඉහළ නගිමින් තිබෙන බවත් එයින් යුරෝපීය ඉල්ලුම අඩුවීමෙන් සිදුවන පාඩුව පියවා ගත හැකි බවයි.

යුරෝපීය රටවල් කිහිපයක රාජ්‍ය වියදම් වැඩිවීම හමුවේ එම රටවල් ණය අර්බුදයක ගිලී තිබෙන අතර එය සමස්ත යූරෝ කළාපයම කළඹවන හේතුවක්ව ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ මෙරට ඇඟලුම් අපනයනවල ඩොලර් වටිනාකම අඩුවීමට ලෝක වෙළඳ පොළේ කපු මිල අඩුවීමද හේතුවක්ව තිබෙන බවයි.

ලෝක වෙළඳ පොළේ කපු මිල ගණන් අඩුවීම නිසා මෙරට ඇඟලුම් නිෂ්පාදනවල පිරිවැය අඩුවූ නිසා ඇඟලුම් මිල ගණන් අඩුකරන ලෙස ගෝලීය ඉල්ලුම් කරුවන් ඉල්ලා සිටීම නිසා මෙම තත්ත්වය ඇතිවී තිබේ.

ජෝන් පිලේලේ මහතාද සනාථ කළේ මිල ගණන් අඩුවී තිබෙන බවයි.

බ්‍රැන්ඩික්ස් සමාගම ශ්‍රී ලංකාව, ඉන්දියාව හා බංග්ලාදේශය යන රටවල ඇඟලුම් කර්මාන්ත ශාලා 42 ක් පවත්වාගෙන යන අතර මේ වසරේදී ඩොලර් මිලියන 600 ක ආදායමක් උපයා ගැනීමට සැලසුම් කර ඇත.

2011 මුදල් වසරේදී සමාගම් සමූහයේ ආදායම ඩොලර් මිලියන 540 ක් පමණ වෙයි.

සමාගම පරිසර හිතකාමී නිෂ්පාදන ක්‍රියාවලියකට යොමුවී තිබෙන නිසා පරිසරයට සිදුවන බලපෑම අඩුකර ගනිමින් සිය බලශක්ති කාර්යක්ෂමතාවය වැඩිකර ගැනීමට කටයුතු කර තිබේ.