|
මීට අමතරව, අද මධ්‍යම රාති‍්‍රයේ සිට අල, ළූණු, කරවල, සැමන්, මාළු සහ හාල්මැස්සන් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක ආනයන බදු අඩු කිරීමට තීරණය කර ඇති අතර මෙතෙක් රුපියල් 30 ක්ව පැවති ආනයනික අර්තාපල් කිලෝග‍්‍රෑම් 01 ක් සඳහා වූ බද්ද රුපියල් 10 දක්වා රුපියල් 20 කින් අඩුකර ඇත.
මාලූ සඳහා පනවා තිබූ රුපියල් 35 ක ආනයන බද්ද රුපියල් 25 කින් අඩුකරද්දී බී ළූණු සඳහා ආනයන බද්ද රුපියල් 10 කින් අඩුකර තිබේ.
කරවල සඳහා පනවා තිබූ රුපියල් 100 ක ආනයන බද්ද රුපියල් 25 කින් අඩුකර ඇති අතර හාල්මැස්සන් සඳහා පනවා තිබූ ආනයන බද්ද රුපියල් 20 කින් අඩුකර ඇත.
සැමන් සඳහා තිබෙන ආනයන බද්ද රුපියල් 35 කින් අඩුකර තිබෙන බව මුදල් අමාත්‍යංශය කියයි.
|