2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,466.67 1.35
 S&P  3,649.35 1.67
   
Turnover Rs.mn 1282.7
Updated at 2013-05-20 04:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.75  127.80
188.96  194.47
159.28  164.60
1.2075   1.2499
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-20 04:05PM


 

HSBC ණය එ.ජා.ප.ය ගෙවන්නෑ කියා, මේ සතියේ දන්වනවා
08/15/2007 15:26

අගෝ,15,(විමසුම) – රජය විසින් HSBC බැංකුවෙන් ලබා ගන්නා රුපියල් කෝටි 5600 ක ණය මුදල එ.ජා.ප. රජයක් ය‍ටතේ නොගෙවන බවට,මේ සතියේදී HSBC බැංකුවට දන්වන බව,එ.ජා.ප.ය කියයි.

මේ පිළිබඳව දක්වමින් HSBC බැංකුවට ලිපියක් යොමු කිරීමට සූදානම්වී සිටින බව, එක්සත් ජාතික පක්ෂය විසින් නිවේදනය කර ඇත.

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා මාතර පැවති “ජනරළ” රැළියට සහභාගී වෙමින් සඳහන් කළේ, ඉදිරි එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ, මෙම ණය මුදල ආපසු නොගෙවන බවයි.

“රන්දොර” නමින් හැඳින්වෙන ව්‍යාපෘති 22 කට රජය සියයට හතේ අධික පොලියට එච්.එස්.බී.සී. බැංකුවෙන් මෙම ණය මුදල ලබාගන්නා බව, විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.

සාමාන්‍යයෙන් රජය ණය ගන්නා විට ඒ ණය යෙදුම් කරන්නේ මුදල් අමාත්‍යාංශය වුවත්, මේ ණය ඉල්ලා ඇත්තේ මහ බැංකුවෙන් යැයි ද ඒ ක‍්‍රමය රජයක් ණය ගන්නා ක‍්‍රමයට සම්පූර්ණයෙන්ම විරුද්ධ යැයිද හෙතෙම කීය.

වසර දහයක කාලයක් ඇතුළත යළි ගෙවීමේ පදනම මත මේ ණය ගැනීමට සැලසුම් කර ඇත්තේ සංවර්ධන ව්‍යාපෘති 22 ක් සඳහා වුවත්, ඇතැම් සංවර්ධන ව්‍යාපෘති විවිධ ආධාර ක‍්‍රම යටතේ දැනටමත් ආරම්භ කර ඇති තත්ත්වය හමුවේ ඒ සංවර්ධන ව්‍යාපෘති සඳහා ද මේ ණය ඉල්ලූම් කිරීම සැක සහිත යැයි ද විපක්‍ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

සාමාන්‍යයෙන් රජයක් සංවර්ධන ව්‍යාපෘති සඳහා මේ තරම් අධික පොලී අනුපාතයකට යටත්ව ණය ගන්නේ නැතැයි කී වික‍්‍රමසිංහ මහතා, මේ ණය ගන්නා ක‍්‍රමය සාමාන්‍යයෙන් රජයක් ණය ගන්නා ක‍්‍රමයට ද එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රතිපත්තියට ද සම්පූර්ණයෙන්ම විරුද්ධ නිසා ඉදිරියේ ගොඩනගන එ.ජා.ප රජයක් යටතේ මේ ණය යළි ගෙවන්නේ නැතැයි කීය.