|
මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය, බටහිර ඉන්දීය කොදෙව් දූපත් වලදී ලබන මාසයේ ඇරඹේ.
“ අපි හිතනවා මෙය ලෝක කුසලානයට සුදුසුම කණ්ඩායම කියල”
යනුවෙන්, ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති, අසන්ත ද මෙල් මහතා,කණ්ඩායම සඳහා ක්‍රීඩා අමාත්‍යංශයේ අනුමැතිය ලැබීමෙන් පසුව, ප්‍රංශ පුවත් සේවය වෙත අදහස් පළකළේය.
මෙම කණ්ඩායමේ නායකත්වය දරන්නේ, මහේල ජයවර්ධන වන අතර, සනත් ජයසූරිය හා මුත්තයියා මුරලිදරන් ගේ පළපුරුද්ද කණ්ඩායම ශක්තිමත් කරන බව, ක්‍රිකට් තේරීම් කමිටුව පවසයි.
ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේයි.
මහේල ජයවර්ධන(නායක), කුමාර් සංඝක්කාර, සනත් ජයසූරිය, උපුල් තරංග, මාවන් අතපත්තු, තිලකරත්න ඩිල්ෂාන්,රසල්ඩ් ආනල්ඩ්, චාමර සිල්වා, චමින්ද වාස්, ප(ර්)වේස් මහරූෆ්, ලසිත් මාලිංග, ඩිල්හාර ප්‍රනාන්දු,නුවන් කුලසේකර, මුත්තයියා මුරලිදරන්,මාලිංග බණ්ඩාර.
|