|
විදුලිබල හා බලශක්‌ති අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් “දිවයින“ පුවත් පත මේ බව වාර්තා කරයි.
මෙසේ අත්‍යවශ්‍ය සේවාවන් වෙනුවෙන් බඳවා ගනු ලබන අනියම් සේවකයන්ට විදුලිබල මණ්‌ඩලය සතු මූල්‍ය ප්‍රතිපාදන වලින් වැටුප් ගෙවීමට නියමිතය.
මෙම සේවකයන් මාස තුනකට යටත්ව ලංකා විදුලිබල මණ්‌ඩලයට බඳවා ගැනීමට නියමිතව ඇතැයි වැඩිදුරටත් සඳහන්ය.
මේ අතර, විදුලිබල මණ්‌ඩල ඉංජිනේරු සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අජිත් විතානගේ උපුටා දක්වමින් “දිවයින“ පුවත් පත වාර්තා කරන්නේ ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය අඛණ්‌ඩව වැඩවර්ජනයක් ක්‍රියාත්මක කළද බිඳ වැටීමකින් තොරව අඛණ්‌ඩව විදුලිය ලබාදීමට ඉදිරියටත් ඉංජිනේරුවන් ඇතුළු සේවකයන් කටයුතු කරන බවයි.
ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පසුගිය 10 දා දහවල් 12.00 සිට අඛණ්‌ඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කළද ඊයේ (13 වැනිදා) තෙක් කිසිදු බිඳවැටීමකින් තොරව අඛණ්‌ඩව විදුලිය ලබාදීමට ඉංජිනේරුවන් සහ සේවක පිරිසක් කටයුතු කළ බව හෙතෙම කියා ඇත.
වැඩවර්ජනයේ යෙදෙන පිරිස් කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු නොකළහොත් අඛණ්‌ඩව විදුලිය ලබාදීමේ හැකියාව පවතින බවද කියා තිබෙන විතානගේ මහතා ඒ සඳහා පැය විසිහතර පුරාම ඉංජිනේරුවන් හා සේවකයන් පිරිසක් කැපවීමෙන් සේවය කරන බවද අවධාරණය කර තිබේ.
|