|
සමාගම පවසන්නේ සිය ගුවන් යානාවල නිතර පියාසර කරන්නන් සඳහා වන ස්කයිවර්ඩ්ස් වැඩසටහනේ සාමාජිකයින්ට මෙම වැඩසටහන යටතේ ඩුබායි, සිංගප්පූරුව හා මාලේ යන ගමනාන්ත සඳහා ටිකට් පත් මිලදී ගැනීමේදී මුදල් සමග ඔවුන් උපායාගත් ස්කයිවර්ඩ්ස් සැතපුම් වලින් ගෙවීම් කිරීමට අවස්ථාව ලබාදී තිබෙන බවයි.
2012 වසරේ සැප්තැම්බර් 15 වනදා සිට ඔක්තෝම්බර් 15 වනදා දක්වා ඩුබායි, සිංගප්පූරුව, හෝ මාලේ බලා ඉකොනොමි පන්තියේ සහ ව්‍යාපාරික පන්තියේ ගමන් කිරීමට ටිකට් පත් වෙන්කර ගන්නා මගීන්ට මෙම අවස්ථාව ලැබෙන අතර 2012 ඔක්තෝම්බර් 30 වනදාට පෙර අදාළ ගමනාන්තයන්ට ලංකාවේ සිට ගමන් ගැනීමේදී මෙම වැඩසටහන වලංගු වනබව සඳහන්ය.
මෙම වැඩ සටහනේ කොන්දේසි වලට අනුව කොළඹ සිට ඩුබායි දක්වා යෑමට සහ ඒමට ව්‍යාපාරික පන්තියේ ගුවන් ටිකට් පතක් සඳහා මුදලින් රුපියල් 85,000 ක් සහ ස්කයිවර්ඩ්ස් සැතපුම් 7000 ක් අවශ්‍ය බවත් එම ගමනාන්තයටම යෑමට සහ ඒමට ඉකොනොමි පන්තියේ ගුවන් ටිකට් පතක් සඳහා රුපියල් 30,600 ක් සහ ස්කයිවර්ඩ්ස් සැතපුම් 5000 ක් අවශ්‍ය බවත් එමිරේට්ස් කියයි.
මීට අමතරව, සිංගප්පූරුවට යෑමට සහ ඒමට ව්‍යාපාරික පන්තියේ ටිකට් පතක් සඳහා රුපියල් 60,000 ක් සහ ස්කයිවර්ඩ්ස් සැතපුම් 6000 ක් සහ ඉකොනොමි පන්තිය යටතේ රුපියල් 19,500 ක් සහ ස්කයිවර්ඩ්ස් සැතපුම් 4000 ක් අවශ්‍ය වේ.
මෙම වැඩසටහනට අනුව මාලේ ගමනාන්තයට යාමට හා ඒමට ව්‍යාපාරික පන්තිය යටතේ රුපියල් 30,000 ක් සහ ස්කයිවර්ඩ්ස් සැතපුම් 3000 ක් හා ඉකොනොමි පන්තිය යටතේ රුපියල් 16,500 ක් හා ස්කයිවර්ඩ්ස් සැතපුම් 1500 ක් අවශ්‍ය බව සමාගම කියයි.
ටිකට් පත් සඳහා මුදලින් කරන ගෙවීම් කොටසට බදු එකතු වනබව සඳහන්ය.
එමිරේට්ස් සතියකට කොළඹ සිට ඩුබායි දක්වා සෘජු ගමන් වාර 14 ක් සහ මාලදිවයින හරහා ඩුබායි දක්වා ගමන් වාර 07 ක්ද ඇතුළුව කොළඹ සිට ඩුබායි දක්වා සතියකට ගමන් වාර 21 ක් ක්‍රියාත්මක කරන අතර සිංගප්පූරුවට දෛනික ගමන් වාරයක් ක්‍රියාත්මක කරයි.
|