2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,250.00 0.18
 S&P  3,530.90 0.12
   
Turnover Rs.mn 1472.3
Updated at 2013-05-10 06:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.54  127.59
191.83  197.43
161.59  166.98
1.2271   1.2705
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-10 06:05PM


 

කබ්රාල්, ගෙදර යවන්න
12/12/2008 10:13

එක්සත් ජාතික පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි

දෙසැ,12,(විමසුම) – සිදුව ඇතැයි කියන “හෙජිං” දූෂිත ගනුදෙනු නිසා, මහ බැංකු අධිපතිගේ හා එහි මූල්‍ය අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ සේවය අත්හිටුවන ලෙස, එ.ජා.ප.ය අධිකරණයෙන් ඉල්ලයි.

මෙම ඉල්ලීම මෝසමක් මගින් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රං‍ගේ බණ්ඩාර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඊයේ ඉල්ල‍ා සිටියේය.

හෙජිං ගිවිසුම අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකකට අදාළව මෙම මෝසම ඉදිරිපත් කළේය.

මෙහිදී, සඳහන් කර තිබෙන්නේ, හෙජිං ගිවිසුම නීත්‍යාණුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය මූලිකව තීරණය කර තිබෙන බවත් එම ගිවිසුමට සෘජුව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාත්, මහ බැංකුවේ මූල්‍ය අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාත් වගකිව යුතු බවයි.