|
කොටහේන ශිවම් හින්දු කෝවිලේ නව අවුරුදු ආගමික වතාවත් සඳහා සහභාගී වී සිටිය දී ඔහු වෙඩි ප්‍රහාරයකට ලක් වී ඇති අතර සිද්ධියෙන් බරපතල තුවාල ලැබු ඒ මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටියදි මියගිය බව එහි අධ්‍යක්ෂ හෙක්ටර් විරසිංහ මහතා “විමසුම” ට සඳහන් කළේය.
ඔහුගේ පපුවට වෙඩි ප්‍රහාර වැදී තිබෙන බව, වෛද්‍යවරුන් කීය.
වෙඩි වැදුණු මහේෂ්වරන් මහතාගේ ආරක්ෂකයාද රෝහල්ගත කළ පසුව මියගිය බවත්, ප්‍රහාරය නිසා තවත් කිහිප දෙනෙකුටම තුවාල වී ඇති බවත් කොටහේන පොලීසිය පැවසීය.
කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කළ මෙම මන්ත්‍රීවරයා මීට පෙර අවස්ථාවන් කිහිපයකදීම ඝාතනය කිරීමට දැරූ උත්සාහයන් ව්‍යර්ථ විය.
ත්‍යාගරාජා මහේෂ්වරන් මහතා මුලින්ම 2000 වසරේදී එක්සත් ජාතික පක්ෂයෙන් යාපනය දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්විය.
|