2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

ටෝකියෝ සිමෙන්තිවල, කල හොඳවේ
09/02/2008 10:04

ලාභය 25% කින් නගී

සැප්,02,(විමසුම) – මේ වසරේ ජුනි මාසයෙන් අවසන් වන කාර්තුවේදී, ගිය වස‍රේ අදාළ කාලයට සාපේක්ෂව ටෝකියෝ සිමෙන්ති සමාගම 25% කින් ශුද්ධ ලාභ නංවාගනී.

සමාගමේ විගණනය නොකළ මූල්‍ය වාර්තා මගින් හෙළිකරන්නේ, මේ වසරේ ජුනි වලින් අවසන් වන කාර්තුවේදී සමාගම රුපියල් මිලියන 212.4 ක ලාභයක් වාර්තාකර තිබෙන බවයි.

ගිය වසරේ අදාළ කාලයේදී සමාගම වාර්තාකර තිබුණේ රුපියල් මිලියන 170.3 ක ලාභයකි.

2008 ජුනි වලින් අවසන් වන කාර්තුවේදී ටෝකියෝ සිමෙන්ති සමාගමේ ආදායම 30% කින් පමණ වැඩිවී රුපියල් මිලියන 3,909 ක් වී ඇත.

කෙසේවෙතත්, මේ කාලයේදී සමාගමේ මූල්‍ය පිරිවැය 62% කින් පමණ ඉහළ ගොස් තිබේ.

ටෝකියෝ සිමෙන්ති සමා‍ගමේ කොටසකට අදාළ ලාභය 2008 ජුනි වනවිට රුපියල් 7.87 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර එය වසරකට පෙර රුපියල් 6.31 ක් විය.

සමාගමට ත්‍රිකුණාමල වරාය ආසන්නයේ සිමෙන්ති අඹරා ඇසුරුම් කරන කර්මාන්ත ශාලාවක් හිමි අතර එය ජපානයේ මිට්සුයි සමාගම සමග අනුබද්ධ ව්‍යාපාරයකි.