|
මේ අනුව අගෝස්තු 29 දා සිට සැප්තැම්බර් 01 වනදා දක්වා කොළඹදී පැවැත්වීමට නියමිත මෙම සමුළුවට විදේශීය නියෝජිතයින් 100 ට වැඩි පිරිසක් හා දේශීය නියෝජිතයින් 300 ක් සහභාවීමට නියමිත බව සංවිධායකයින් කියයි.
මෙම සමුළුව නම්කර තිබෙන්නේ, කොළඹ ජාත්‍යන්තර තේ සමුළුව ලෙසයි.
ලංකාවේ තේ කර්මාන්තයට වසර 140 පිරීම නිමිත්තෙන් මෙම සමුළුව සංවිධානය කර තිබෙන්නේ, ලංකා තේ කර්මාන්ත කරුවන්ගේ සංගමය හා ශ්‍රී ලංකා තේ මණ්ඩලයයි.
මෙම සමුළුවේදී තේ නිෂ්පාදනය ප්‍රවර්ධනය, ලෝක ආහාර ප්‍රමිතීන් හා තත්ත්ව, සමාජ වගකීම්, වෙළඳ පොළ හා නව්‍ය නිෂ්පාදන කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බව සංවිධායකවරු පවසති.
මෙම සමුළුවට සමගාමීව තේ නිෂ්පාදකයින්ගේ හමුවක්ද පැවැත්වීමට නියමිත බවත්, එයට තේ නිෂ්පාදනය හා අපනයනය කරන සියළුම රටවල තේ මණ්ඩලවල හා වෙනත් වගකිව යුතු ආයතනවල නිළධාරීන් සහභාගීවන බවත්, ශ්‍රී ලංකා තේ මණ්ඩලය සඳහන් කරයි.
|