2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,466.67 1.35
 S&P  3,649.35 1.67
   
Turnover Rs.mn 1282.7
Updated at 2013-05-20 04:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.75  127.80
188.96  194.47
159.28  164.60
1.2075   1.2499
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-20 04:05PM


 

ටෙලිග්‍රෑම් ළඟදීම අහෝසියි
07/17/2012 06:27


නෝමන් පලිහවඩන

කාලාන්තරයක්‌ තිස්‌සේ පවත්වාගෙන යන විදුලි පණිවුඩ (ටෙලිග්‍රෑම්) සේවාව ළඟදීම අහෝසි කිරීමට තැපැල් ඇමැති ජීවන් කුමාරණතුංග මහතා තීරණය කර ඇත.

අද පවතින නව තාක්‍ෂණය අනුව විදුලි පණිවුඩ සේවාව ඉතාමත් දුර්වල තත්ත්වයක පවතින බව පවසන ඇමැතිවරයා දුරකථන - ඊමේල් - ෆැක්‌ස්‌ පණිවුඩ සහ එස්‌. එම්. එස්‌. පණිවුඩ සේවාව මහජනතාව අතර අද ඉතා ප්‍රබල ලෙස ජනප්‍රිය වී ඇති බව ද කියයි.

නගරබද සහ ගම්බද පළාත්වල පවා අද මෙම සේවාවන් ව්‍යාප්ත වී තිබේ. විදුලි පණිවුඩ (ටෙලිග්‍රෑම්) සේවාවේ නිරත වී සිටින 1800 ක්‌ පමණ වන සේවකයන් සාමාන්‍ය තැපැල් සේවාව සඳහා යොදවන බව ද ඇමැතිවරයා පැවසීය.

දැනටමත් විදුලි පණිවුඩ (ටෙලිග්‍රෑම්) වැඩි වශයෙන් ක්‍රියාත්මක වන්නේ ආයතනවල සේවය කරන පුද්ගලයන් නිවාඩු ගැනීම සඳහා බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

දිවයින අනුග්‍රහයෙනි