|
රොයිටර් පුවත් සේවය නීතිපති පාලිත ප්‍රනාන්දු උපුටා දක්වමින් මේ බව වාර්තා කරන අතර අදාළ තීන්දුව විමර්ශනය කිරීමෙන් පසුව තවත් ඇපෑලක් ඉදිරිපත් කිරීමේ හැකියාවක් තිබෙනවාදැයි සලකා බලන බව කියා ඇත.
හෙජිං ගනුදෙනුව වෙනුවෙන් ගෙවිය යුතු මුදල් පැහැර හැරීම වෙනුවෙන් ඩොලර් මිලියන 162 ක් හා එහි පොලිය ගෙවන ලෙස ඛනිජ තෙල් සංස්ථාවට ලන්ඩන් අධිකරණය විසින් නියෝග කර තිබෙන බව සඳහන්ය.
සිටි බැංකුව විසින් මේ සම්බන්ධයෙන් සිංගප්පූරුවේ ගොනුකළ මෙවැනිම බේරුම්කරණයකින් තෙල් සංස්ථාව ජයග්‍රහණය කළේය.
|