|
රජය සඳහන් කරන්නේ නුපුහුණු සේවකයින් සඳහා වඩාත්ම අර්ථදායී රැකියා යෝජනා ක්‍රමය කොරියානු රැකියා බැවින් මෙම අවබෝධතා ගිවිසුම මෙසේ දීර්ඝ කරන බවයි.
මේ වනවිට, රැකියාවක් සඳහා කොරියාවට යාමට ගම් දනව්වල පොරයක් ඇතිවී තිබෙන අතර බොහෝවිට කොරියානු රැකියා සිහිනය සඵල කර ගැනීමට දේශපාලඥයින්ට ඡන්ද කාලයට වැඩ කිරීම ඇතුළු විවිධ වූ පක්ෂපාතී ක්‍රියාකළ යුතුබව ජනතාව පවසති.
දේශපාලඥයින්ගේ ඥාතීන්ට, මිතුරන්ට මේ සඳහා මුලින්ම අවස්ථාව ලැබෙන බවත් සමහරුන් කොරියානු රැකියා මුදලට විකුණන බවත් එල්ලවන චෝදනා අතර ප්‍රමුඛය.
කොරියාවට යාමට ලක්ෂ ගණනින් මුදල් තැරැව්කරුවන්ට ගෙවා මුදල් නොලැබී කබලෙන් ලිපට වැටුණු තරුණයින් කොතෙකුත් ගම්වල සිටී.
කොරියාව සඳහා යාමට රැකියා පෝලිම්වල පොරකෑ දහස් ගණන් තරුණ පිරිස් වලින් සමාජය තුළ කොරියානු රැකියා කොතරම් ජනප්‍රියදැයි පසුගිය කාලයේදී හෙළිවිය.
|