2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

කොළඹින් බඩු ගන්න තවත් ‍බජට් ෂොප් එකක්?
12/13/2008 10:00

දෙසැ,13 (Vimasuma) – කොළඹ වෙසෙන ජනතාවට සාධාරණ මිලට භාණ්ඩ මිලදී ගැනීමට හෙට සිට නාරාහේන්පිට කිරිමණ්ඩල මාවතේ නව විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයක් විවෘත කරන බව වෙළඳ අමාත්‍යංශය සඳහන් කරයි.

වෙළඳසල් 41කින් සමන්විත වන මෙම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය හරහා පාරිභෝගිකයන්ට සහල්, මස්, මාළු, එළවළු හා පළතුරු වැනි ආහාර වර්ග අතරමැද වෙළඳුන්ගෙන් තොරව මිලදී ගැනීමේ අවස්ථාව උදාවන බව එම අමාත්‍යංශය අවධාරණය කරයි.

ජීවන වියදම් කමිටුවේ නිර්දේශ මත මෙම ආර්ථික මධ්‍යස්ථානය ඉදිකළ බවත් ඒ සඳහා නුවරඑළිය, තඹුත්තේගම, කැබිතිගොල්ලෑව, නොරොච්චෝලේ හා ඇඹිලිපිටිය යන ප‍්‍රදේශවලින් එළවළු ගෙන්වීමට නියමිත බවත් පොළොන්නරුව, කුරුණෑගල, තිස්සමහාරාම, අම්පාර යන ප‍්‍රදේශවලින් සහල් ගෙන්වීමට නියමිත බවත් රජය සඳහන් කරයි.

හෙට සිට නාරාහේන්පිට කිරිමණ්ඩල මාවතේ දී විවෘත වන මෙම ආර්ථික මධ්‍යස්ථානය හේතුවෙන් එම ප්‍රදේශයේ ඇති විය හැකි වාහන තදබදය අවම කිරීම සඳහා නව රථ වාහන සැලැස්මක් සකස් කිරීමේ කටයුතු ද මේ වන විට සිදු කෙරෙමින් පවතී.

කෙසේ වෙතත් සාධාරණ මිළ ගණන් යටතේ භාණ්ඩ විකිණීම සඳහා ආරම්භ කරන මෙම වෙළඳ සල් සමූහය, පසුගිය වකවානුවේ දී රාජගිරියේ ආරම්භ කර පසුව අසාර්ථක වූ තවත් “බජට් ෂොප්” එකක් නොවන බවට වග බලා ගැනීමේ වගකීම වෙළඳ අමාත්‍යාංශය සතුව පවතින බව ද මෙහිදී අවධාරණය කළ යුතුය.