|
මෙම නව තේ වෙළඳ නාමය “Brooke Bond Ceylonta” නමින් හඳුන්වන අතර මෙයින් මෙරට වෙළඳ නාම යටතේ සිදුකරන තේ වෙළඳ පොළින් සියයට 50 ක් පමණ හිමි යුනිලීවර් සතු කොටස පළමු වසර තුළදී තවත් සියයට 1.0 ත් 1.5 ත් අතර ප්‍රමාණයකින් වැඩි කිරීමට සැලසුම් කර තිබේ.
සමාගම මාධ්‍ය හමුවේ පැවසුවේ උතුරු නැගෙනහිර පළාත් වලින් සමාගමේ තේ සඳහා මේ වනවිට ඉල්ලුම වැඩිවී ඇති බවයි.
වසරකට ශ්‍රී ලංකාවේ වෙළඳ නාම යටතේ සිදුකරන තේ වෙළඳාමේ වටිනාකම රුපියල් බිලියන 09 ක් පමණ වන බවත් මේ සඳහා තරගකරුවන් 400 ක් පමණ තරග වදින බවත් “සිලෝන්ටා” වෙළඳ නාම කළමනාකරු අසම් හම්ඩූන් සඳහන් කළේය.
|