2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,250.00 0.18
 S&P  3,530.90 0.12
   
Turnover Rs.mn 1472.3
Updated at 2013-05-10 06:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.54  127.59
191.83  197.43
161.59  166.98
1.2271   1.2705
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-10 06:05PM


 

ඇමරිකානු හවුල වැඩිකර ගැනීමට ලංකාවේ උනන්දුව
07/18/2012 16:00


Sri Lanka in push for stronger economic ties with US

ඇමරිකාව සමග ශක්තිමත් ආර්ථික සබඳතා තර කර ගැනීම සඳහා ලංකාව මේ වනවිට සූදානමින් සිටින බව නිළධාරියෙකු කියයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ඇමරිකානු තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා මෙසේ අදහස් දැක්වීය.

“මේ අවස්ථාවේ ඇමරිකාව සමග ලංකාව පැහැදිලි හා අවංක සම්බන්ධතාවයක් පවත්වනවා. ඇමරිකාව කියන සෑම දෙයක්ම අපි පිළිගන්නෙ නෑ. අනාගතයේදී අපි ඇමරිකාව සමග වැඩි වශයෙන් ව්‍යාපාර කටයුතු කළ යුතුයි. ඊළඟ අදියරට අපේ සම්බන්ධතා තර කළ යුතුයි.“

ඇමරිකාව යනු ලංකාවේ විශාලතම වෙළඳ හවුල් කරුවා වන අතර ලංකාවේ අපනයන වලින් සියයට 22 ක් ඇමරිකානු වෙළඳ පොළට යැවෙන අතර මින් වැඩිම ප්‍රමාණයක් ඇඟලුම්ය.

දෙරට අතර වෙළඳ ගනුදෙනු වල වටිනාකම ඩොලර් බිලියන 2.4 ක් වන අතර මින් ඩොලර් බිලියන 2.14 ක ප්‍රමාණයක් උපයා ගනු ලබන්නේ මෙරට අපනයන විසිනි.

පසුගිය වසරේදී ලංකාව නිකුත් කළ ඩොලර් බිලියනයක බැඳුම්කර නිකුතුවෙන් අඩක් පමණම ඇමරිකානු ආයෝජකයින් විසින් මිලදී ගත් අතර ඊට පෙර බැඳුම්කර නිකුතු වලදීද එවැනිම ප්‍රවණතාවයක් දකින්නට ලැබුණි.

ඇමරිකාව පදනම් කරගත් Templeton නැමති අරමුදල් කළමනාකරණ සමූහය රුපියල් සුරැකුම්පත් වැඩිම ප්‍රමාණයක් සතු විදේශීය ආයතනය වීමට බොහෝදුරට ඉඩකඩ තිබේ.

කෙසේවෙතත්, පසුගිය යුධ සමයේදී මෙරට ඇතිවූ යැයි කියන යුධ අපරාධ පරීක්ෂණ සඳහා ඇමරිකානු පීඩනය එල්ල වීමත් සමග ලංකාව හා ඇමරිකාව අතර සම්බන්ධතා වලට පසුගිය කාලයේදී යම් බාධා ඇතිවිය.

ජාලිය වික්‍රමසූරිය මහතා පවසන්නේ දෙරට අතර ශක්තිමත් ආර්ථික සම්බන්ධතා දෙරට අතර ශක්තිමත් ද්විපාර්ශවික දේශපාලන සම්බන්ධතා තර කර ගැනීමට ඉවහල් වන බවයි.

ඇමරිකානු ජී.එස්.පී. සහනය තවදුරටත් ලංකාවට ලබාදීමට ඇමරිකාව පසුගියදා කටයුතු කළ අතර ලංකාවේ සේවක අයිතීන්වල වර්ධනය මෙයට හේතුවිය.

“අපේ කම්කරු අයිතිවාසිකම් හා ලංකාවේ කර්මාන්ත ශාලා ක්‍රියාත්මක වන ආකාරය පැහැදිලි කිරීම සඳහා අපට වසර දෙකක් ගතවුණා. ඔවුන් ලංකාවට පැමිණි විට ඔවුන්ට ඒවා දැකගත හැකිවුණා.“

“මේ නිසා, ඔවුන් අපිට එරෙහි චෝදනා ඉවත දැමුවා. ඔවුන් පැවසුවා කම්කරු ප්‍රශ්න නියමාකාරයෙන් විසඳා තිබෙන බවත් කම්කරු අයිතිවාසිකම් හොඳ බවත්.“

යනුවෙන් වික්‍රමසූරිය මහතා කීය.

මේ වනවිට ඇමරිකානු සමාගම් ලංකාවේ බලශක්ති, සංචාරක, යටිතල පහසුකම් යන අංශවල ආයෝජනය කිරීමට උනන්දුවෙන් පසුවන බවත් ඉදිරියේදී ඇමරිකානු සමාගම් රැසක් ලංකාවට පැමිණෙනු ඇතැයි විශ්වස කරන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

චරිතා ප්‍රනාන්දු